IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාස කීපයකින් ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්න පුළුවන්

පරමාණු බෝම්බයක් තැනීමට අවශ්‍ය යුරේනියම් බලගැන්වීමේ කටයුතු තවත් මාස හතරක් ඇතුළත ඉරානය විසින් නිමා කරනු ඇතැයි විද්‍යා සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය කියා සිටී. යුරේනියම් බලගැන්වීම සඳහා මාස 4ක කාලයක් සහ න්‍යෂ්ටික බෝම්බය නිපදවීම සඳහා තවත් මාස අටක කාලයක් ගත වන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. ඉරාන රජය මේ වන විට යුරේනියම් බලගැන්වීමේ කටයුතුවල ප‍්‍රගතියක් අත් කර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය දැඩි අවධානය යොමු කළ යුතු බව ද එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතයේ දත්ත පදනම් කරගෙන ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය සිය වාර්තාව සකස් කර තිබේ. න්‍යෂ්ටික අවියක් නිපදවීමට කිලෝග්?ම් 25ක යුරේනියම් ප‍්‍රමාණයක් බලගැන්විය යුතු අතර ඒ සඳහා ඉරානයට මාස 2, 4ක කාලයක් ගත වන බව එම වාර්තාවේ දැක්වේ. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා අදහස් දැක්වූ අමෙරිකා ආරක්ෂකලේකම් ලියොන් පැනේටා  කියා සිටියේ න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට ඉරානය තීරණය කළ හොත් තම රජය ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නොපසුබට වන බවයි.



අදහස් (0)

මාස කීපයකින් ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්න පුළුවන්

හිමාල් Wednesday, 10 October 2012 01:28 PM

එන පොට හොඳ නෑ . ගෙදර තෙල් ටැංකියක් හදාගන්න බලන්න ඔනි (ස)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 01:35 PM

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට (ස)

:       0       0

ශ්‍රිරාස් Wednesday, 10 October 2012 01:38 PM

ඉරානයට ලංකාවේ සහය තියෙනවා , ඒ නිසා ඇමරිකාවට බිය වෙන්න අවශ්‍ය නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site