IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


මුෂාරෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම නවාස් ෂරීෆ්ට

පාකිස්තාන හිටපු ජනපති නවාස් ෂරීෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම, පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ නවාස් ෂරීෆ්ට පැවැරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ෂරීෆ්, පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමටත්, නව රජයක් පිහිටුවීමටත් සූදානමින් සිටී. ෂරීෆ්, පාකිස්තාන අගමැති ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ තෙවැනි වරටය.
පාකිස්තානයේ හිටපු අගමැතිවරියක වූ බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලයද මේ වන විට දීර්ඝ කරඇත.
දීර්ඝ කාලයක් රටින් පිටවී සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමත් සඳහාය.
එහෙත් මුෂාරෆ් පාකිස්තානයේ ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි ඉකුත් 14 වැනිදා පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි.
මහාධිකරණ එසේ තීන්දු කළේ  මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු නිසාය.
නවාස් ෂරීෆ් දෙවැනි වරට අගමැති ධුරයට පත් සිටියේ, 1997 සිට 1999 තෙක් කාලයේය. එය අවසන් වුණේ හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත‍්‍රණයෙනි.
දුෂණ චෝදනා එල්ල කරමින් ෂරීෆ් දිවි ඇති තෙක් සිරගත කිරීමට මුෂාරෆ් උත්සහ කළ ද එය අසාර්ථක විය. 1999 වසරේ ෂරීෆ් මෙන් නොව මුෂාරෆ් පාකිස්තානයේ අතිශයින් ජනපි‍්‍රය චරිතයක් විය.
දුෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත. තමා යළි බලයට ආවත් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බවත් මුෂාරෆ් සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණය බලා ගනු ඇති බවත් ෂරීෆ් පවසා ඇත.



අදහස් (0)

මුෂාරෆ්ට එරෙහි චෝදනා ගොනු කිරීම නවාස් ෂරීෆ්ට

අමිල Saturday, 18 May 2013 02:32 PM

තිත්තයාගේ වාරේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15774 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site