බර්මින්හැම්  නගරයේ ජේතවන  බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ අපුරු පින්කමක් පසුගිය දින පැවැත් විණි.

විහාරාධිපති කැප්පිටියගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාපලගම සෝරත හිමියන්ගේ සහයෝගයෙන් සංවිධානය කළ එම පිංකමේ බලාපොරොත්තු වුයේ එංගලන්තය වැනි විදේශික පරිසරයක ඉපැදී හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දරු දැරියනට සිංහල බෞද්ධ ගුණ වගාවේ අගය කියාදීමත් එවන් අගනා සිරිත් විරිත් පුරුදු පුහුණු කරවීමත් ය.

විහාරස්ථානයේ දහම් පාසලේ ගුරුවරියක් වන අචලා මහවිතාන මෙම වැඩපිළිවෙළ සංවිධානයකිරීමේ මුලිකත්වය දැරීය.

මව් පිය වන්දනා නමින් දවස පුරාම පැවැත්වු එම සදහම් වැඩසටහනට සිල් සමාදම් වීම්, ධර්ම සාකච්ඡා, භාවනා සහ මාපිය වන්දනා ඇතුළත්විය.

භාවනා වැඩසටහන මෙහෙයවන ලද්දේ නොටින්හැම්  හි ශාන්ති විහාරාධිපති තෙල්දෙණියායේ අමිත හිමියන් විසිනි.