මැලේසියාවේ පෙරේදා (5) පැවැති මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන, අගමැති නජීබ් රාසාක්ගේ ‘ජාතික පෙරමුණ’ යළිත් වරක් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.
පාර්ලිමේන්තුවේ ආසන 222 ක් ඇති අතර, එයින් ආසන 112 ක් හිමි කර ගැනීමට ‘ජාතික පෙරමුණ’ සමත් වූ බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
‘ජාතික පෙරමුණ’ පක්ෂ සංධානය, 56 වසරක් තිස්සේ නොකඩවා මැලේසියාව පාලනය කරන බවත්, තව දුරටත් එය එසේම සිදුවනු ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
මැතිවරණය දුෂිත බවත් අවසන් ප‍්‍රතිඵලය තමන්ට පිළිගැනීමට නොහැකි බවත් විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රහීම් (65) පවසා ඇත.
විපක්ෂ නායක අන්වර් පිහිටුවාගත් විපක්ෂ සංධානයට පක්ෂ තුනක් එක් වී සිටී. විපක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 89 ක් පමණි.
|
අගමැති නජීබ් රාසාක් (මැද) ජයග‍්‍රහණය සමරමින්... |
|
විපක්ෂ නායක සහ බිරිය |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ අපේ එවුන් මැලේසියාවටත් ජිල්මාට් උගන්නලා වගේ කියලා. විරුද්ධ පක්ෂය හොද ලීඩ් එකක් තියාගෙන ගියාලු, රෑ 9 ට ලයිට් ගියාලු, ආවේ 12 ලු, මෙන්න බොලේ ආන්ඩුව ජය ගෙන ඉවරයිලු. කොහෙද ෆුට් බෝල් පිටියක චන්ද පෙට්ටි 2ක් රෙඩි මේඩ් (පුරවල මගේ හිතේ) තිබිල හම්බ උනාලු මිලියන 12.2 කට අධික චන්ද දායකයින්ගේ චන්දය දීපු ප්‍රතිශතය බලන විට මි 9.76 චන්දය පාවිච්චි කරලා. ඒකෙන් අඩුම ගානේ මි 9.6 වගේ තමා හොද චන්ද වෙන්න පුලුවන්, ලෝකේ කොතනක උනත් අවලංගු ඡන්ද තියෙනවා. හැබැයි සෑම අපේක්ෂකයෙක්ටම ලැබුන චන්දවල එකතුව ගත්තම මිලියන 10.5 ලු. අනේද කියන්නේ, මුන්ට ජිල්මාට් දන්නේ නැතිනම් අපෙන් අහල හරි හරියට කොරහල්ලකො