ඉදිරි දින 30 ඇතුළත මහ මැතිවරණයක් පවත්වන බව ප‍්‍රකාශ කළ මැලේසියා අගමැති නජීබ් රසාක් ඊයේ (3)  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අගමැති රසාක් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, තමා ව්‍යවස්ථානුකූලව, රාජාණ්ඩුවේ ද අවසරය ලබා ගත් බවය.
වසර 57 ක් තිස්සේ රට පාලනය කරන රසාක්ගේ ජාතික පෙරමුණ,  විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රහීම්ගේ විපක්ෂ සංධානයත් අතර මැතිවරණ සටන පැවැත්වෙනු ඇත. ඊබ‍්‍රහීම්ගේ විපක්ෂ සංධානයට පක්ෂ තුනක් එක් වී සිටී.
ජාතිය ඇමැතූ අවස්ථාවේදී අගමැතිවරයා මිලියන 13 කට වැඩි ඡුන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ ඊබ‍්‍රහීම්ගේ විපක්ෂ සංධානයට නොව තම ජාතික පෙරමුණ සංධානයට සහාය ලබා දෙන ලෙසය.
විපක්ෂ නායක ඊබ‍්‍රහීම් ප‍්‍රතිඥා දී ඇත්තේ දුෂණ වංචාවලින් තොර ‘පිරිසිදු’ නව රජයක් පිහිටුවීමට තමන් සූදානමින් සිටින බවය.

මැලේසියා අගමැති රසාක් ප‍්‍රමුඛ ජාතික පෙරමුණ ...