IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මලාලා බලන්න ජනපති සර්දාරි බි‍්‍රතාන්‍යයට

තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරින් බරපතළ තුවාල ලබා මේ වන විට බි‍්‍රතාන්‍ය රෝහලක සුවය ලබමින් සිටින මලාලා යුසුෆ්සායි දැරියගේ සුවදුක් බැලීමට පාකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි පෙරේදා(9) බර්මිංහැම්හි පිහිටි ක්වීන් එළිසබෙත් රෝහලට පැමිණියේය. පහළොස් හැවිරිදි මලාලා දැරියගේ සුවදුක් බැලීමට ජනපති සර්දාරි රෝහලට පැමිණියේ සිය දියණිය වන අසීෆා භූතෝ ද සමඟය. එහිදී සර්දාරි මලාලා දැරියගේ පවුලේ සාමාජිකයන් සහ ඇයට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් හමු වූ බව වෛද්‍ය ඬේව් රෝසර් පැවැසීය. ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් විය. ඒ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ නිසාය. පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය බි‍්‍රතාන්‍යයට රැගෙන ගියේය.  පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසා ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය. මලාලා (මැද) බැලීමට බි‍්‍රතාන්‍යයට පැමිණි ජනපති සර්දාරි (වමේ) සහ දියණිය අසීෆා (දකුණේ)



අදහස් (0)

මලාලා බලන්න ජනපති සර්දාරි බි‍්‍රතාන්‍යයට

නිත්‍යා Friday, 28 December 2012 12:41 PM

වීර දියණියක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site