තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරින් බරපතළ තුවාල ලබා මේ වන විට බි‍්‍රතාන්‍ය රෝහලක සුවය ලබමින් සිටින මලාලා යුසුෆ්සායි දැරියගේ සුවදුක් බැලීමට පාකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි පෙරේදා(9) බර්මිංහැම්හි පිහිටි ක්වීන් එළිසබෙත් රෝහලට පැමිණියේය.
පහළොස් හැවිරිදි මලාලා දැරියගේ සුවදුක් බැලීමට ජනපති සර්දාරි රෝහලට පැමිණියේ සිය දියණිය වන අසීෆා භූතෝ ද සමඟය. එහිදී සර්දාරි මලාලා දැරියගේ පවුලේ සාමාජිකයන් සහ ඇයට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් හමු වූ බව වෛද්‍ය ඬේව් රෝසර් පැවැසීය.
ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් විය. ඒ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ නිසාය. පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය බි‍්‍රතාන්‍යයට රැගෙන ගියේය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසා ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර දියණියක් (ස)