පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයක සැඟවී සිටි පාකිස්තාන තලේබාන් නායක මුල්ලා නසීර් ඝාතනය කිරීමට හැකිවීම තලේබාන්වරුන් සටන්කාමීන්ට එල්ල කළ මරු පහරක් යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකා හමුදා ඉකුත් 3 වැනිදා මුල්ලා නසීර් මරා දැමුවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරමින්ය. ඔහු මියගියේ පාකිස්තානයේ දකුණු වසිරිස්තාන ප‍්‍රදේශයක ගමන් කරමින් සිටිද්දීය.
ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නිරත නේටෝ හමුදා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කළ තලේබාන් ඉහළ පෙළේ නායකයකු ලෙස ද මුල්ලා නසීර් ප‍්‍රසිද්ධියට පත් ව සිටියේය.
ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයෙන් මුල්ලා නසීර් සහ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය ප‍්‍රධානීන් දෙදෙනකු ඇතුළු තවත් පස්දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
පසුගිය කාලය මුළුල්ලේම නසීර් ඉලක්ක කරගෙන ඇමෙරිකා භටපිරිස් ප‍්‍රහාර ගණනාවක් එල්ල කළ ද ඒ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ විය. අල් කයිඩා සංවිධානය හා සමීප සබඳතා පවත්වන හක්කානි සටන්කාමීන් සමඟ සබඳතා පැවැත්වූ අයකු ලෙස නසීර් සැලැකිනි.
නසීර්ගේ මරණයත් සමඟ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ තලේබාන් සංවිධානයේ කටයුතු අඩපණ වී ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ ඊයේ (6) නිවේදනය කළේය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුල්ලා නසීර් ඝාතනය කිරීම තලේබාන්වරුන්ට මරු පහරක්