IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මලාලා ගැන පාකිස්තානයේ ප‍්‍රතිචාරය සතුටුදායකයි

තලෙයිබාන් සටන්කාමීන් මලාලා දැරියට වෙඩි තැබීමේ සිද්ධිය  සම්බන්ධයෙන් පාකිස්තාන රජය දැක් වූ ප‍්‍රතිචාරය ඉතා තීරණාත්මක සිදුවීමක් බව මලලා බැලීමට බි‍්‍රතාන්‍යයට පැමිණි ඇයගේ පියා පැවැසීය. වෙඩි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පහළොස් හැවිරිදි මලාලා දැරිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍යයට රැගෙන ඒමෙන් පසුව ඇගේ සුවදුක් බැලීමට මව, පියා සහ සහෝදරයන් දෙදෙනා පළමු වතාවට බි‍්‍රතාන්‍යයේ බර්මිංහැම්හි පිහිටි ක්වීන් එලිසබෙත් රෝහලට පැමිණ සිටිති. ‘‘මලාලා වැටුණු අවස්ථාවේදී පාකිස්තානය සිට ගත්තා. ඒ සමඟ ලෝකය අවදි වුණා. එය තීරණාත්මක සිදුවීමක්. අප හිතුවාටත් වඩා ඉක්මනින් මලාලා සුවය ලබමින් සිටිනවා. ඇය මගේ දියණිය පමණක් නොව සැමගේම දියණියකි.’’ යැයි ඇයගේ පියා වන සියාඋද්දීන් යුසුෆ්සායි සඳහන් කළේය. ක්වීන් එලිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තම දියණිය නැගිට සිටිනු දුටු අවස්ථාවේදී සිය නෙතඟට කඳුළු නැඟුණු බව සියාඋද්දීන් හැඟුම්බරව පැවැසීය. එම රෝහලේ කාර්ය මණ්ඩලයටත් බි‍්‍රතාන්‍ය හා පාකිස්තාන බලධාරීන්ටත් ඔහු ප‍්‍රශංසා කළ සියාඋද්දීන් කියා සිටියේ මලාලාට නිසි වේලාවේදී, නිසි ස්ථානයේදී නිසි ප‍්‍රතිකාර ලැබුණු නිසා සුවය ලැබීමට හැකි වූ බවයි. මලාලාට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව සිය දියණියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වේ යැයි බිය වී අවමංගල්‍යයට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි තම ඥාතියකුට පැවසූ බව සියාඋද්දීන් සිහිපත් කළේය. මලාලා යූසාෆ්සා නමැති එම දැරිය පාසල නිම වී පාසල් බස්රියෙන් ගමන් කරමින් සිටිද්දී තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් 9 වැනිදාය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ බාළිකා අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර  ඒ නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ආදරය දිනා ගැනීමට ද සමත් වූවාය. මලාලාගේ සුවදුක් විමසීමට බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම් රෝහලට පැමිණි පියා සියාඋද්දින් සහ සහෝදරයන් දෙපළ



අදහස් (0)

මලාලා ගැන පාකිස්තානයේ ප‍්‍රතිචාරය සතුටුදායකයි

චන්ද්‍රසිරි Monday, 29 October 2012 04:06 PM

පවු පැටවු ටික. (නි)

:       0       0

කුමාර Tuesday, 30 October 2012 12:27 PM

දුවේ ඔයා ඉදිරියේදීත් ආරක්ෂා වෙන්න (ස)

:       0       0

හර්ෂණ Monday, 29 October 2012 07:32 PM

මටත් හිරම සතුටුයි දෙවියන් මගේ කන්නලවුවට ඇහුම්කන්දීම ගැන. බුදු සරණයි. දෙවි පිහිටයි. (නි)

:       0       0

Darul Shifa Monday, 29 October 2012 09:00 PM

මාල දෙවියන් ස්තුති කරන්න (අ)

:       0       0

චන්ද්‍රා Monday, 29 October 2012 12:19 PM

මට සතුටුයි. (නි)

:       0       0

රසාරා Saturday, 17 November 2012 12:24 PM

ඔබ වැනි දැරියන් ලෝකයටම සම්පතක්. (නි)

:       0       0

වෙනුර Tuesday, 30 October 2012 07:34 AM

ලෝකයම ඔබ සමග වුවත් ඔය පරෙස්සම් වෙන්න. අන්තවාදීන් නිතරම ඔබ පසුපසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site