IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මලයාසියා යානය ගැන තොරතුරක් නෑ

මාර්තු මස අට වැනිදා මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී කාර්යමණඩලය ඇතුලු මගීන් 251 දෙනෙකු සමග අතුරදන්වූ මලයාසියා ගුවන් සේවයේ එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා ඉන්දියන් සාගරයේ මුහුද පත්ල පීරමින් සිදුකැරෙන මෙහෙයුම් මේ වන විට අවසානය දක්වා එළඹෙමින් තිඛෙන බව එම මෙහෙයුම්හි නිරතව සිටින පරීක්ෂණ කණ්ඩායම් කියති.

යානය අතුරුදන්වී මේ වන විට දින 47 ක් ගතවී තිබෙන අතර මේ දක්වා එයට සිදුවූයේ කුමක්දැයි නිශ්චිතව සනාථ කෙරෙන සාක්කියක් සොයාගැනීමට හැකිවී නොමැත.

ඉන්දියන් සාගරයේ පතුල පීරා කිසිදු සාක්කියක් සොයාගැනීමට එළැඹෙන දින කිහිපය ඇතුළතුලදී නොහැකිවුවහොත් යානය සොයා නැවත අලූතින් මුල සිටම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සිදුවනු ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් පවසති.

පරීක්ෂණ කණ්ඩායම් ඉන්දියන් සාගරය පිරික්සමින් සිටින්නේ රේඩාර් හා චන්ද්‍රිකා ආධාරයෙන් අනාවරණය කරගෙන ඇති පරිදි යානය අතුරදන්වීමට මත්තෙන් එය ගමන් කරමින් තිබී ඇත්තේ ඉන්දියන් සාගරය ඉහළින් වීම නිසාය.

මේ අතර ඉදිරිපත්ව ඇති නව මතයක් වන්නේ යානය රහසේ වෙනත් රටකට හෝ ප්‍රදේශයකට ගොඩබස්වා ඇති බවයි.ඇමරිකාවේ නිශ්පාදනයක් වන zzබ්ලුෆින් 1zz වැනි අධිතාක්ෂණික මුහුදු පරීක්ෂක යාත්‍රාවක් පවා යොදාගනිමින් සිදුකෙරෙන මෙහෙයුම් වලින් තවමත් ප්‍රතිඵලයක් නොමැති තැන පරීක්ෂණ කණ්ඩායම්ද දැන් මෙම නව මතයේ එල්බ සිටින සෙයක් පෙනේ.

මැලේසියාවේ ඊසාන දිග කොටසේ වාසය කරන්නවුන් මිීට පෙර අවස්ථාවකදී ගුවන් යානයක් ඉතා පහතින් පියාසර කර යනු තමන්ට ඇසුණු බවයි.මේ කරුණු සම්බන්ධයෙන් කළ විමර්ෂණයකදී හෙළීවූයේ එම වැසියන් තමන්ට ගුවන් යානයක හඩ ඇසුනේයැයි පැවසූ කාලය අතරතුරදී ගුවන් යානය ගුවන් පාලක මැදිරියේ රේඩාර් පථයෙන් මැකී ගොස් ඇති බවයි.

යානය පහතින් පියාසර කොට කිසියම් ප්‍රදේශයකට ගොඩබස්වා ඇත්දැයි යන සැකය සයුරු පතුලේ සිදුකෙරෙන පරීක්ෂණයන්ගෙන් ප්‍රතිඵලයක් ලැඛෙන බවක් පෙනෙන්නට නොමැති හෙයින් යළිත් දලූලා වැඩෙන්නට පටන් ගෙන ඇති ආකාරයක් දැක ගැනීමට හැකිය.

නමුත් විශේෂඥයින් පවසන්නේ යානය ගොඩබැස්වීමක් සිදුව ඇත්නම් එය ගොඩබස්වා ඇත්තේ මැලේසියාවට යාබදව පිහිටන රටවල් 20 න් එකකට පමණක් බවත් එවැනි ගොඩබැස්වීමක් සිදුව ඇත්නම් එම රටක් ඒ බව මේ තරම් කාලයක් සගවාගෙන සිටීම විශ්වාස නොකළ හැක්කක් බවත්ය.

මැලේසියා බළධාරීන් යානයේ ගමන් මග සම්බන්ධයෙන් රේඩාර් හා චන්ද්‍රිකා තොරතුරු අනෙක් රටවලින් ඉල්ලා සිටියද එම රටවල් තම තමන්ගේ ආරක්ෂක හේතූන් නිසා සියලූ තොරතුරු මැලේසියාව වෙත ලබාදීද නොමැති බව සදහන්ය.මෙනිසා යානය ගමන් කළ නියම දිශාව මේ දක්වාම සොයාගැනීමට අපහසුව තිබේ.

යානය පිළිඹද හොද හෝ නරක හෝ වේවා තොරතුරක් ඉක්මනින්ම ලැඛෙනු ඇතැයි සියලූ දෙනාගේ අපේක්ෂාවයි.



අදහස් (0)

මලයාසියා යානය ගැන තොරතුරක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site