IMG-LOGO

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් අත්අඩංගුවට

මාලදිවයිනේ හිටපු ජනපති හා වත්මන් විපක්ෂ නායක මොහොමඞ් නෂීඞ් ඊයේ (5) දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කියා සිටියේ අධිකරණය මඟ හැරීමේ වරදට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බවය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් බළඇණි දෙකක් පැමිණි බව ද වාර්තා වේ.
නෂීඞ් මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත මාලදිවයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වැඩිදුරටත් කියා සිටින්නේ ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට වත්මන් මාලදිවයින රජය කටයුතු කරන බවය.
නෂීඞ් ජනපති ධුරයේ සිටිද්දී බලතල අයථා ලෙස පාවිච්චි කළේ යැයි චෝදනා ලැබ සිටින අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගය ද පැවැත්වේ.
අවස්ථා කිහිපයකදී නෂීඞ් එම නඩු විභාග සඳහා පෙනී නොසිට අධිකරණය මඟ හැරියේය. පසුගිය 13 වැනිදා ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරුණි.
එම අවස්ථාවේදී ඔහු මාලේ අගනුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සැඟවුණු ඔහුට ඉන්දීය රජයේ සහාය සහ ආරක්ෂාව හිමිවිය.
ඔහු දින කිහිපයක් මහ කොමසාරිස් කාර්යාලයේ රැඳී සිට පිටවී ගියේය. එම අවස්ථාවේදී නෂීඞ්ට සහාය දුන්නැයි මාලදිවයින රජය ඉන්දියාවට දොස් පැවැරීය.



අදහස් (0)

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් අත්අඩංගුවට

වසන්ත Wednesday, 06 March 2013 07:24 PM

නීතියෙන් කිසිදා සැගවිය නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 672 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site