IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ්ගේ ආධාරකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

හමුදා කුමන්ත‍්‍රණයකින් ජනපති ධුරය අහිමි වූ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ ආධාරකරුවන් පෙරේදා (14) එරට මාලේ අගනුවර පැවැත් වූ විරෝධතා රැලියකට පොලිසිය හරස් වූ අවස්ථාවේ දෙපිරිස අතර දරුණු ගැටුමක් හට ගත් අතර විරෝධතාකරුවෝ 55 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. පොලිසිය එල්ල කළ බැටන් ප‍්‍රහාරවලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සාමාජිකයෝ නව දෙනෙක් තුවාල ලැබූහ. පොලිසිය එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ප‍්‍රකෝප වූ විරෝධතාකරුවන් පොලිස් යතුරු පැදි කිහිපයකට ගිනි තැබූ බවත් මාලේ අගනුවර කඩසාප්පුවලට පහර දුන් බවත් වාර්තා වේ. කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් භාවිතා කිරීමට ද පොලිසියට සිදුවිය. හිටපු ජනපති නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය  විරෝධතා රැලිය පැවැත්වූයේ හමුදා කුමන්ත‍්‍රණයක් මගින් නෂීඞ් බලයෙන් නෙරපා දැමුවේ යැයි වත්මන් රජයට චෝදනා කරමින්ය.  විරෝධතා රැලියට 500 කට වැඩි පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා වේ. මොහොමඞ් නෂීඞ්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. ඒ, පොලිසිය සහ හමුදාව එක් වී ගිනි අවි පෙන්වා තර්ජනය කොට ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බල කළ අවස්ථාවේදී යැයි නෂීඞ් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය චෝදනා කරයි. ඉන්පසු දින කිහිපයක් පුරා මාලදිවයිනේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී ගියේය. නෂීඞ් ජනපති ධුරයට සමු දුන්නේ එම අවස්ථාවේ අගමැතිව සිටි වහීඞ් හසන්ට බලය පවරා දෙමිනි. බලය පවරා දී පැය කීපයක් යද්දී වහීඞ් හසන් මාලදිවයිනේ නව ජනපති ලෙස දිවුරුම් දුන්නේය. එවිට නෂීඞ් චෝදනා කළේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයට හසන් ද සම්බන්ධ වූ බවටය. මාලදිවයින් දුපත් රාජ්‍යයේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවූයේදැයි සෙවීමට ජාත්‍යන්තර මට්ටමින් විශේෂ පරීක්ෂණ ද ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් ද මාලදිවයිනට පැමිණ පරීක්ෂණ සිදු කළහ.



අදහස් (0)

මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ්ගේ ආධාරකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

aaa Monday, 16 July 2012 11:08 AM

මාල දිවයිනට සාමය අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site