IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ් උසාවියට ඇවිත් නෑ

බලතල අයථා ලෙස භාවිතා කළේ යැයි චෝදනා ලැබ සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ නඩු විභාගයේ දෙවැනි දිනය ඊයේ (2) ට යෙදී තිබුණු නමුත් නෂීඞ් අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. මාලදිවයින මාධ්‍ය වාර්තා කළේ නෂීඞ් අධිකරණ නියෝගයට එරෙහිව යමින් බෝට්ටුවක නැගී මාලේ අගනුවරින් ද පිටවී ගිය බවය. තමාට එල්ල වී ඇති චෝදනා නෂීඞ් තරයේ ප‍්‍රතික්ෂේප කරයි. නඩු විභාගය ආරම්භ වූයේ පෙරේදා (1) ය. නඩු විභාගය පැවැත්වෙන්නේ බලයේ සිටිද්දී නෂීඞ් සිය බලතල අනිසි ලෙස භාවිතා කළේ යැයි චෝදනා එල්ල වී ඇති නිසාය. නඩු විභාගය හේතුවෙන් හිටපු ජනපතිවරයාට රටින් පිටවීම ද තහනම් කර තිබේ. අධිකරණ නියෝගයට පිටුපා මාලේ අගනුවරින් පිට වී ගිය නෂීඞ් අත්අඩංගුවට ගැනීමට මාලදිවයින අධිකරණය කටයුතු කරනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ජනතා විරෝධය මැද නෂීඞ් බලයෙන් ඉවත් වූයේ ඉකුත් පෙබරවාරි හත් වැනිදාය. ඒ, උප ජනපති ධුරයේ සිටි මොහොමඞ් වහීඞ්ට බලය පවරා දෙමිනි. වහීඞ්, මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර නෂීඞ් චෝදනා කළේ විපක්ෂ කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සමඟ එක් වී වහීඞ් කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමූ බවය. නෂීඞ්ගේ එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද පැවැති අතර, මාලදිවයිනේ කිසිදු කුමන්ත‍්‍රණයක් සිදු නොවුණු බවත් නෂීඞ්ගෙන් වහීඞ්ට බලය පැවැරීම නීත්‍යානුකූලව සිදුවූ බවත් තහවුරු විය.



අදහස් (0)

මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ් උසාවියට ඇවිත් නෑ

ලක්මා Thursday, 04 October 2012 08:54 AM

ලංකාවෙන් ආදර්ශය අරගෙන (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 07:30 PM

මම නම් මොහුට උන දේට එකග නැහැ..!(නු)

:       0       0

පෙරේරා Wednesday, 03 October 2012 08:10 PM

දෙන්නම එකයි..!(නු)

:       0       0

ෂෙරීෆ් Wednesday, 03 October 2012 09:31 PM

එයා අපේ කණ්ඩායමක් එක්ක බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාවට යන්න ඇති. (නි)

:       0       0

තිලකසිරි Thursday, 04 October 2012 11:34 AM

මාලදිවයින්කාරයෝ ළඟට ගන්න එපා. ඉගෙන ගන්න කියලා ලංකාවට ඇවිත් මෙහෙ හොරෙන් කීයක් ඉන්නවද? දෙහිවල පැත්තේ හොයල බැලුවොත් තේරේවි. දන්නවනේ කවුද උදවු කරන්නේ කියලා. අපිට එයාලගේ කට්ටකම් එක්ක හැරෙන්නවත් බැහැ. මෙයාගේ කාලේ රටවල් දෙක අතර හිතවත්කම වැඩි වුණා කියල වුණේ ඕක තමයි. දැන් ඉන්න ජනාධිපති ලංකාව එක්ක වැඩිය නැහැ. ඉන්දියාවට හේත්තු වෙලා ඉන්නේ. ඔහොම ඉන්න දෙන්න. කැලේ ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

රත්නමාලී Wednesday, 03 October 2012 03:46 PM

බලන්න එහේ නිතිය දිහා (නි)

:       0       0

දෙනක Wednesday, 03 October 2012 11:32 PM

අයියෝ සල්ලි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 747 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 845 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 1699 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 2301 3

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 160 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 115 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 878 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1411 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site