ඇමැතිවරුන් කිහිපදෙනකු ද සමඟ ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි මාලදිවයිනේ නව ජනාධිපති වහීඞ් හසන් මලික්, ඊයේ (13) නවදිල්ලි අගනුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීය.
ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී මාලදිවයින් ජනපති ඇතුළු ඇමැතිවරුන් පිරිස සාදරයෙන් පිළිගැනීමට ඉන්දීය රජය කටයුතු කර තිබුණි.
මාලදිවයින් ජනපති ඊයේ ඉන්දීය අගමැති හමුවූයේ මාලදිවයින් විදේශ කටයුතු ඇමැති දුන්යා මෝමූන් ද සමඟය. දුන්යා මෝමූන් යනු හිටපු මාලදිවයින ජනපතිවරයකු වන අබ්දුල් ගයුම්ගේ දියණියයි.
මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයෝ දෙදෙන සාකච්ඡා පැවැත්වූහ. මාලදිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිගටම පවත්වාගෙන යෑමට ඉන්දියාව සහාය ලබා දෙන බව ද අගමැති සිං කියා සිටියේය.
ආරක්ෂක අංශ සිදුකළ කුමන්ත‍්‍රණයෙන් පසුව ජනපති ධුරයේ සිටි මොහොමඞ් නෂීඞ් ඉකුත් පෙබරවාරි 7 වැනිදා බලයෙන් ඉවත් වූයේ උප ජනපති ධුරයේ සිටි වහීඞ් හසන්ට බලය පවරා දෙමිනි. එම අවස්ථාවේදී හසන් මාලදිවයින් ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
තමා බලයෙන් පහ කිරීමට කළ කුමන්ත‍්‍රණයට හසන් සහ හිටපු ජනපතිවරයකු වන අබ්දුල් ගයුම් සම්බන්ධ යැයි මොහොමඞ් නෂීඞ් චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ද ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇති අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
ජනාධිපති හසන්, තමාගේ නව කැබිනට් මණ්ඩලයේ විදේශ ඇමැති ධුරය දුන්යා මෝමූන්ට ලබා දීමෙන් පැහැදිලිව පෙනී යන්නේ, හසන් සහ හිටපු ජනපතිවරයකු වන අබ්දුල් ගයුම් අතර සම්බන්ධයක් ඇති බව යැයි ද බලයෙන් නෙරපා දැමුණු ජනපති නෂීඞ් පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාලදිවයිනේ නව ජනපති ඉන්දියාවේ සංචාරයක
දර්ශන Monday, 14 May 2012 11:13 PM
මාලදිවයිනත් ඉවරයි
අලිබබා Monday, 14 May 2012 11:43 PM
මාලදිවයින ඉන්දියාවටනේ ආවේ. කොහොමත් හොද විසදුමක් ලැබේවි. ලංකාවටත් ඔයවගේ හොද විසදුමි ලබාදීලයි තියෙන්නේ.