IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාලදිවයින් ජනපති වහීඞ් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි

මාලදිවයින් ජනපති මොහොමඞ් වහීඞ් කළ යුතු නිවැරැදි දේ නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම බව එරට හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ඊයේ(14) පැවැසීය.
ජනපති වහීඞ් ධූරයෙන් ඉවත්වී අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු බව පවසන නෂීඞ්, ඉන් පසුව මාලදිවයින් වැසියන්ට සිය පාලකයා තෝරා ගැනීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද සඳහන් කළේය. 
හිටපු ජනපති නෂීඞ් මේ වන විට එරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රැකවරණය යටතේ සිටී. නෂීඞ් අත්අඩංගුවට ගැනිමට එරට මහේස්ත‍්‍රාත් අධිකරණය පෙරේදා(13) නියෝග කිරීමත් සමඟ ඔහු රැකවරණය පතා මාලේ නුවර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පැමිණියේය.  
තමා අයත් මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සාමාජිකයන් 800 දෙනකුට එරෙහිව එල්ල කර ඇති චෝදනා දේශපාලන අරමුණින් සිදු කර ඇති බව කී නෂීඞ් එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඒ සියල්ලක්ම ඉවත දමන ලෙසද එරට රජයෙන් ඉල්ලා සිටී.

නෂීඞ් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාව

 



අදහස් (0)

මාලදිවයින් ජනපති වහීඞ් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි

ගාමිණී Friday, 15 February 2013 09:57 PM

කවුරු දිනුවත් අපිට කමක් නැහැ, උම්බලකඩ මිළ පහත දානවා නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site