මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් රජිව් ෂහරේ ගමන් කළ මොටර් රථයට ඊයේ (29) කිසියම් පිරිසක් පහර දුන්හ.
ප‍්‍රහාරයට ලක් වෙද්දී, මහ කොමසාරිස්වරයා මෝටර් රථයේ සිටි නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවිණි.
සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ එහි නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බවත් මාලදිවයින ජනපති වහීඞ් හසන් පවසා ඇත.
මාලදිවයිනේ ජනපතිවරණය පමා වීම ගැන ඉන්දීය රජය අවස්ථා කිහිපයකදී විවේචන එල්ල කර ඇති අතර, එම විවේචන මුල් කාට ගනිමින්, පහරදීම සිදුවන්න ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd