IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මාලි රටේ හමුදා මුරපොළක බෝම්බයක් පිපිරී: 13 ක් මරුට

මාලි රටේ ටිම්බක්ටු නගරයට පිවිසෙන හමුදා මුරපොළේ ඊයේ (31) සිදුවුණු බෝම්බ පිපිරීමකින් හමුදා සෙබළුන් ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප‍්‍රහාරයක් බවත් බෝම්බකරු නගරයට ඇතුළු වීමටත් උත්සහ කළ බවත් පසුව අනාවරණය විය. 
බෝම්බකරු හමුදා මුරපොළේදී සෝදිසි කිරීමට එහි සිටි මාලි හමුදා සෙබළුන් උත්සහ කර ඇත. බෝම්බකරු බෝම්බය පුපුරුවා හැර ඇත්තේ එම අවස්ථාවේදීය.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පසුවන අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් ද සිදුවූ අතර එම අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් ඉස්ලාමීය ජිහාඞ් සටන්කාමීහු එහි නගර රැසක් අත්පත් කර ගත්හ. සටන්කාමීන් අතර උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීහු ද සිටිති. 
අවසානයේදී මාලි රාජ්‍යය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට අන්තර්ජාතික සහාය මාලි හමුදාවටත් එරට රජයටත් හිමිවිය. බටහිර අපි‍්‍රකා රාජ්‍යයන් සහ අපි‍්‍රකානු සංගමය ද ඔවුන්ගේ හමුදා මාලි රාජ්‍යයට යැවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මාලි රාජ්‍යයේ අන්තර්වාර ජනපති ඩියොන් කුන්ඩා ටාරෝගේ ඉල්ලීම පරිදිය.
සටන්කාමීන් පන්නා දැමීමට ඔවුන් අපොහොසත් වූ අතර, ප‍්‍රංශ රජය මැදිහත් වී ඉකුත් ජනවාරි 12 වැනිදා දහසකට ආසන්න හමුදා බළඇණියක් මාලි රටට යැවීය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක් ලෙස පැවැතිණි.



අදහස් (0)

මාලි රටේ හමුදා මුරපොළක බෝම්බයක් පිපිරී: 13 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site