IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලී ජනපති ඉල්ලා අස්වෙයි

කුමන්ත‍්‍රණයකින් රජය පෙරළා දැමූ හමුදා නිලධාරීන්ට අභිනවයෙන් සිවිල් රජයක් පිහිටුවීමට ඉඩ සලසා දෙමින් මාලී රටේ ජනපති අමා දූටුමානී පෙරේදා (8) ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එම ඉල්ලා අස්වීම සිදුවූයේ උතුරු අපි‍්‍රකා රටවල රාජ්‍ය නායක සමුළුවේ නියෝජිතයන් ඉදිරිපිටදීය. ටුමානීගේ ඉල්ලා අස්වීමත් සමඟ අන්තර්වාර ජනපතිවරයා ලෙස එරට කතා නායක ඩියොන්කුන්ඩා ටැයෝර් පත්වූ අතර සමගි රජයක් පිහිටුවීමට හමුදාවට ඉඩ ලැබී තිබේ. බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදු වූයේ ඉකුත් මාර්තු 21 වැනිදාය. හමුදාවෙන් බේරී පලා ගිය ජනපති ටුමානී මේ වනතෙක්ම ඔවුන්ගෙන් සැඟවී සිටියේය. හමුදා කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මාලී රාජ්‍යයට ආධාර ලබා දෙන ලෝක බැංකුව විරෝධය පළ කිරීමත් සමඟ යළි සිවිල් රජයකට ඉඩ දීමට මාලි හමුදා නායකයෝ තීරණය කළහ. එසේ නොකළේ නම් මාලී රටට ආර්ථික සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානමින් සිටියේය.



අදහස් (0)

මාලී ජනපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site