රට දෙකඩ කරමින් ඉස්ලාමීය සටන්කාමීන්ට බලය අල්ලා ගැනීමට ඉඩ සලසා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් බටහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන මාලේහි අගමැති චෙයික් මොඩිබෝ දියාරා අත්අඩංගුවට ගත් බව එරට හමුදාව පවසයි.
මාලි රාජ්‍යයේ ඉකුත් මාර්තු මාසයේදී හමුදා කුමන්ත‍්‍රණයක් පැවැති අතර මේ වනවිට රට පාලනය කරන්නේ හමුදා නිලධාරීන් විසිනි.
එම හමුදා කුමන්ත‍්‍රණයෙන් මාලි රාජ්‍යය අස්ථාවර වීමත් සමඟ අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීහු රටේ උතුරු ප‍්‍රදේශවල බලය අල්ලා ගත්හ.
හමුදාව පවසන්නේ අගමැති මොඩිබෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වී, ප‍්‍රංශයට පැන යෑමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් ඔහු අත්අඩංගුවට ගත් බවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
අද අපේ රටේ නැගෙනහිර පැත්තටත් මේ දේ සිදුවෙමින් පවතිනවා. (නි)
නැගෙනහිර පමණක් නොවෙයි, වැඩිකල් නොගොස් මුලු රටටම මේ දේ වෙන්න පුලුවන්. (නි)