බ්‍රිතාන්‍යයේ ප්‍රෙස්ටන්හි පදිංචි ක්ලාරා කොවෙල් ගේ නරක විනෝදාංශය වූයේ දුම්පානයයිග 1931 දීග දුම් වැටියට ඇබිබැහි වු ඇයට දිනකට දුම්වැටි 3 ක් වත් අවශ්‍ය විය.
පසුගියදා යෙදුණු ඇයගේ 102 වන උපන් දිනයේදී නම් ක්ලාරා තීරණය කළේ මේ නරක පුරුද්ද අත්හැරීමටය. ගණන් බලා ඇති ආකාරයට 1931 සිට මේ දක්වා ඇය දුම්වැටි 60,000 ක් පමණ බී ඇත.
වෘත්තියෙන් ඇදුම් මසන්නියක වන ක්ලාරා ගතකරන්නේ සරල දිවිපෙවෙතකි.පරම්පරා ගාණකට පමණ අයත් දරුමුණුබුරෝද ඇයට වේ.වයස අවුරුදු 102 ක් වූවත් සිය මවට තමන්ටත් වඩා හොදට ජීවිතය විදිය හැකි බව ඇයගේ දියණියෝ කියති.ඔවුන්ද මේ වන විට පසුවන්නේ ජීිවිතයේ සැදෑ සමය ගෙවමිනි.
දුම්බීම අතහැරීම නිසා සිය මව නිතර යෑමට පුරුදුව සිටි අවන්හල් හා තැබෑරුම් වලට නම් ඇය නැති අඩුපාඩුව හොදින්ම දැනෙනු ඇතැයි ක්ලාරාගේ දියණියෝ කියන්නේ සිනහමුසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම බීලත් ඔච්චර කලක් ඉන්නවා කියන එකත් පුදුමයක් නේද? (නි)
කවුද කියන්නේ දුම් බීපුවහම ආයුෂ අඩුවෙනවා කියලා? (නි)
සිගරට් මත්පැන් වල හානිකරදේ සරල දිවි පැවැත්ම හා යහපත් මානසික තත්වය මගින් මගහරවා ගතහැකි බව මෙයින් ලැබෙන ආදර්ශයයි.(නදී)
සිගරට් බිලත් 102 කියන්නේ හොදයිනේ (දී)
අපේ ආච්චිලට අපි කිව්වේ කිරි අම්මා කියලා. මෙයාට කියන්න වෙන්නේ බීඩි අම්මා කියලා. සිගරට් ගදේ ඉන්නේ කොහොමද?(නදී)
කොහොම වුණත් ඒ දේවල් වලින් ඈත් වුණ එක හොදයි. (නි)
දුම් බීවම ආයුෂ කෙටියි කියන්නේ බොරුනේ දැන් බලපුවාම.(නදී)
හරිම ඇත්තක්.(නදී)
ඔව් ලලිත් එක සහතික ඇත්ත. ඇමරිකාවේ වයසක බොහොම දෙනෙක් අවුරුදු 80-100 පහුකරනවමයි. ඒවගේම ඇති තරම් දුම්වැටි බීපු අය . සමහරවිට මෙහෙ දේශගුණයේ මොකක් හෝ බලපෑමක් ඇති. නැත්නම් ඉතින් කන්නෙත් ඌරුමස්, හරක් මස් වගේ ඒවානේ දිනපතාම.(නදී)
වයසට ගිහින් කලත් ආදර්ශමත් වැඩක් (දී)
සිගරටි බිවිවට අවුලක් නෑ එහෙනමි.(නදී)
102 ජිවත් වීමේ රහස (දී)