බල්ගේරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන නායකයකු වන අහමඩ් ඩෝගන් තමන් ඝාතනය කිරීමට පැමිණි ඝාතකයෙකුගෙන් ගැළැවුණේ අනූනවයෙනි.
සිය පක්ෂ සභිකයින් හා මාධ්‍ය අමතමින් දේශනයක් පවත්වමින් සිටියදී එක්වරම ප්‍රේක්ෂකයන් අතර සිට වේදිකාව මතට කඩා වැදුණු පුද්ගලයෙකු ඩෝගන්ගේ හිසට ගිනි අවියක් එල්ල කර වෙඩි තැබීමට උත්සාහ කළේ දෙනෝදාහක් බලා සිටියදීය. මේ සිදුවීම මාධ්‍ය කැමරා වලද පටිගත විය. පෙනුණ ආකාරයට ගිනි අවිය පත්තු නොවූ අතර වහා ක්‍රියාත්මක වූ ඩෝගන් සිය ඝාතකයාට පහර දීමට පටන් ගන්නා විට එතැනට කඩා වදින අකෙ=ත් පක්ෂ සභිකයන්ද ඝාතකයාට හොද හැටි පහර එල්ල කරන ආකාරයද වීඩියෝ ගත කර ගැනීමට එතැන සිටි මාධ්‍යවේදීන් සමත් වූහ.
අවසානයේදී එතැනට ආ ආරක්ෂකයෝ ඝාතකයා රැගෙන ගිහය.
අහමඩ් ඩෝගන් බල්ගේරියාවේ සුළුතරය වන මුස්ලිම් හා තුර්කි ජාතිකයින් නියෝජනය කරනා එම්.ආර්.එෆ් පක්ෂයේ නායකයා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත හොඳ තැන දෙවියොත් වැඩ සිටී (ස)
වාසනාව අවාසනාය එකට පැමිණි මොහොතක්. (ත)
ඒකට අපේ අය. බයේ දුවයි (ස)
අපොයි. යුරෝපියේ ආරක්ෂාව මෙහෙමද? (ත)
නියමයි. (ත)
හැඩි දැඩි මිනිහෙක්නේ මේ ..... (ස)
මෙයාලා කොතැනද රණ්ඩුවක් එතන (ස)