ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මීට සති දෙකකට පෙර මියගියැයි කී අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වන අබූ යාහා අල් ලිබී පෙනී සිටින වීඩියෝ පණිවුඩයක් අල් කයිඩා සංවිධානය ඊයේ (13) අන්තර් ජාලයට එක් කර තිබුණි. ඇමෙරිකාව ප‍්‍රකාශ කර තිබුණේ පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ සැඟවී සිටිද්දී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් අල් ලිබී ඝාතනය කිරීමට තමන්ට හැකි වූ බවය. ඉස්ලාමීය වෙබ් අඩවි ඔස්සේ ඊයේ අන්තර් ජාලයට එක් කෙරුණු එම වීඩියෝ දසුන් පෙළ හරහා අල් ලිබී ප‍්‍රකාශ කළේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ මිනීමරු පාලනයට එරෙහිව ඉරාකයේ තුර්කියේ සහ ජෝර්දානයේ සිටින අල් කයිඩා සටන්කාමීන් එකමුතු වී කටයුතු කළ යුතුයි කියාය. සිරියා කැරැුලිකරුවන්ට නිදහස උදෙසා ගෙන යන සටනේදී දිවි පරදුවට තබා සහාය දෙන්නැයි ද අල් ලිබී ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුත් ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ එම වීඩියෝ පටය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී පටිගත කරන ලද්දක් බවත් අල් ලිබී මියගොස් ඇති බවත්ය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල් ලාඩනුත් එයිද?
මේ ඇමරිකන් කාරයින්ට කන පුපුරන්න දෙන ඕනේ එකෙක්ට අපේ ආචාර්ය
මරුණද නැද්ද කියල තවම දන්නේ නෑ නේද? හැහ්... හැහ්... හැ...හැ...හැ...