IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මැරුණැයි කී අල් කයිඩා දෙවැනියාගේ වීඩියෝ හඬ පටය අන්තර්ජාලයේ

ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මීට සති දෙකකට පෙර මියගියැයි කී අල් කයිඩා සංවිධානයේ දෙවැනියා වන අබූ යාහා අල් ලිබී පෙනී සිටින වීඩියෝ පණිවුඩයක් අල් කයිඩා සංවිධානය ඊයේ (13) අන්තර් ජාලයට එක් කර තිබුණි. ඇමෙරිකාව ප‍්‍රකාශ කර තිබුණේ පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ සැඟවී සිටිද්දී නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් අල් ලිබී ඝාතනය කිරීමට තමන්ට හැකි වූ බවය. ඉස්ලාමීය වෙබ් අඩවි ඔස්සේ ඊයේ අන්තර් ජාලයට එක් කෙරුණු එම වීඩියෝ දසුන් පෙළ හරහා අල් ලිබී ප‍්‍රකාශ කළේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ මිනීමරු පාලනයට එරෙහිව ඉරාකයේ තුර්කියේ සහ ජෝර්දානයේ සිටින අල් කයිඩා සටන්කාමීන් එකමුතු වී කටයුතු කළ යුතුයි කියාය. සිරියා කැරැුලිකරුවන්ට නිදහස උදෙසා ගෙන යන සටනේදී දිවි පරදුවට තබා සහාය දෙන්නැයි ද අල් ලිබී ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුත් ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ එම වීඩියෝ පටය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී පටිගත කරන ලද්දක් බවත් අල් ලිබී මියගොස් ඇති බවත්ය.



අදහස් (0)

මැරුණැයි කී අල් කයිඩා දෙවැනියාගේ වීඩියෝ හඬ පටය අන්තර්ජාලයේ

අමිල Thursday, 14 June 2012 07:28 PM

බිල් ලාඩනුත් එයිද?

:       0       0

ලක්මාල් Sunday, 17 June 2012 11:36 AM

මේ ඇමරිකන් කාරයින්ට කන පුපුරන්න දෙන ඕනේ එකෙක්ට අපේ ආචාර්ය

:       0       0

මහසෝනා Thursday, 14 June 2012 02:47 PM

මරුණද නැද්ද කියල තවම දන්නේ නෑ නේද? හැහ්... හැහ්... හැ...හැ...හැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site