ඊජිප්තුවේ පෝට් සෙයිඞ් පා පන්දු කී‍්‍රඩාංගනයේ ඉකුත් වසරේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ කී‍්‍රඩා ලෝලීන් 21 දෙනකුට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කිරීමත් ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල වීමෙන් හේතුවෙන් එම 21 දෙනා නිදහස් කිරීමට රජයට සිදුවිය.
කයිරෝ නුවර අධිකරණය එම කී‍්‍රඩා ලෝලීන්ට 21 දෙනාට මරණ දඬුවම නියම කළේ ඉකුත් වසර අවසානයේදීය. එම අධිකරණ තීන්දුවට විරෝධය පළ කරමින් එදා සිට මේ වනතෙක්ම කයිරෝ නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවිණි.
එම විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය යෙදවිණි. පොලිස් නිලධාරීහු රබර් උණ්ඩ සහ කඳුළු ගෑස්වලින් විරෝධතාකරුවන්ට පහර දුන්හ. 
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ද දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විරෝධතාකරුවන් ඉකුත් 10 වැනිදා සූවස් ඇලේ ගමනා ගමන කටයුතු නැවැත්වීමට ද උත්සහ කළ නමුත් එය අසාර්ථක විය. 
රජයේ දේපොළවලට හානි කරමින්, ගොඩනැගිලි ගිනිබත් කරමින් කලහ කරන්න වූ විරෝධතාකරුවන් බල කර සිටියේ එම කී‍්‍රඩා ලෝලීන් 21 ක් දෙනා නිදහස් කරන ලෙසටය.
ඉකුත් වසරේ පෝට් සෙයිඞ් කී‍්‍රඩාංගනයේ පැවැති එම ගැටුමින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.