ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාරය ‘පළමු කඩඉම’ පසු කළ බවත්, එරටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වීමේ දිනය අත ළඟ බවත් ඇමෙරිකාවේ සංචාරය කරන මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී පවසයි.
මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම එරට විපක්ෂ නායිකාව ද වන සූ කී මේ බව කියා සිටියේ පෙරේදා (18) වොෂින්ටන් නුවර ඇමෙරිකා සාම මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් කැපවීමෙන් කි‍්‍රයා කරන බවත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඔහුගේ රජය ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක කරන බවත් සූ කී පැවැසීය.
සූ කී ඉකුත් 17 වැනිදා ඇමෙරිකාවට පය තැබූ අවස්ථාවේ දේශපාලන සිරකරුවන් 500 දෙනකු නිදහස් කිරීමට ද මියන්මාර රජය කටයුතු කළේය. ඒ, තවත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් කි‍්‍රයාත්මක කරමින්ය.
ඇමෙරිකාවට පැමිණි පසු සූ කී සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියට කියා සිටියේ මියන්මාරයට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමටත් පසුව ඒවා ඉවත් කිරීමටත් කටයුතු කරන ලෙසටය.
”මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට ඇමෙරිකාව හුඟක් කැපවුණා. ඒක ප‍්‍රසංශනීයයි. ඒත් මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආ යුත්තේ මියන්මාර වැසියන්. තම රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය බවත් එය රටේ පැවැත්මට හා ඉදිරි ගමනට රුකුළක් බවත් මියන්මාර වැසියන් තේරුම් ගත යුතුයි. එවිට ඉඹේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වේවි” යැයි සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය හමුවූ අවස්ථාවේදී කියා සිටියාය.
වසර 15 ක් තිස්සේ සූ කී නිවාස අඩස්සියේ රඳවා තැබුණේ මියන්මාරයේ හමුදා පාලනයක් පවතිද්දීය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහක ඉන්න නයි ලඟට අරන් පස්සේ කනවා කනවා කියයි (ස)
සුකී බුකී වෙන්නෙ ඇමරිකාවේ පදේට නටන්න ගිහින් තමයි. (ස)
බොරු ඔය