IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවන දිනය වැඩි ඈතක නොවේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාරය ‘පළමු කඩඉම’ පසු කළ බවත්, එරටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වීමේ දිනය අත ළඟ බවත් ඇමෙරිකාවේ සංචාරය කරන මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී පවසයි. මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම එරට විපක්ෂ නායිකාව ද වන සූ කී මේ බව කියා සිටියේ පෙරේදා (18) වොෂින්ටන් නුවර ඇමෙරිකා සාම මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා යන ගමනේදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් කැපවීමෙන් කි‍්‍රයා කරන බවත්, නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඔහුගේ රජය ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක කරන බවත් සූ කී පැවැසීය. සූ කී ඉකුත් 17 වැනිදා ඇමෙරිකාවට පය තැබූ අවස්ථාවේ දේශපාලන සිරකරුවන් 500 දෙනකු නිදහස් කිරීමට ද මියන්මාර රජය කටයුතු කළේය. ඒ, තවත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් කි‍්‍රයාත්මක කරමින්ය. ඇමෙරිකාවට පැමිණි පසු සූ කී සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියට කියා සිටියේ මියන්මාරයට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමටත් පසුව ඒවා ඉවත් කිරීමටත් කටයුතු කරන ලෙසටය. ”මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ඒමට ඇමෙරිකාව හුඟක් කැපවුණා. ඒක ප‍්‍රසංශනීයයි. ඒත් මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආ යුත්තේ මියන්මාර වැසියන්. තම රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය බවත් එය රටේ පැවැත්මට හා ඉදිරි ගමනට රුකුළක් බවත් මියන්මාර වැසියන් තේරුම් ගත යුතුයි. එවිට ඉඹේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වේවි” යැයි සූ කී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය හමුවූ අවස්ථාවේදී කියා සිටියාය. වසර 15 ක් තිස්සේ සූ කී නිවාස අඩස්සියේ රඳවා තැබුණේ මියන්මාරයේ හමුදා පාලනයක් පවතිද්දීය.සූ කී  ඇමෙරිකා රාජ්‍ය  ලේකම්වරිය හමුවී...



අදහස් (0)

මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවන දිනය වැඩි ඈතක නොවේ

ගයාන් Thursday, 20 September 2012 04:30 PM

අහක ඉන්න නයි ලඟට අරන් පස්සේ කනවා කනවා කියයි (ස)

:       0       0

රාජා Thursday, 20 September 2012 11:54 AM

සුකී බුකී වෙන්නෙ ඇමරිකාවේ පදේට නටන්න ගිහින් තමයි. (ස)

:       0       0

මාධව Thursday, 20 September 2012 04:03 PM

බොරු ඔය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 695 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17854 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 760 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site