IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අඛණ්ඩව කි‍්‍රයා කරනවා

යුරෝපයේ සංචාරයක නිරත අවුන්සාන් සූකී ඔස්ලෝ නුවරදී පෙරේදා(16) නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවේදී විශේෂ දේශනයක් කරමින් කියා සිටියේ මියන්මාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කිරීම සඳහා වූ සිය අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවයි. මියන්මාරයේ ජාතික ප‍්‍රතිසන්ධානයක් ඇති කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික ලීගය වන මාගේ පක්ෂය කැපවී කි‍්‍රයාකිරීමට අපේක්ෂා කරනවා යැයි සූකී එම දේශනය අමතමින් කියා සිටියේය. වත්මන් පාලකයන් එරට වෙසෙන විවිධ ජන කණ්ඩායම් සමඟ සටන් විරාම ගිවිසුම්වලට එළඹ සිටිය ද මේ වන විට මියන්මාරයේ උතුරු සහ බටහිර ප‍්‍රදේශවල හට ගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය නිමාවන ලකුණු පෙනෙන්නට නැතැයි ද සූකී පැවැසීය. රකීන් පළාතේ හටගගෙන ඇති මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට 50 දෙනකු මියගොස් ඇති අතර දහසකට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිති. මීට වසර 21කට පෙර නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමි වූවත් මියන්මාර හමුදා පාලනය විසින් ඇයට රටින් පිටවීම තහනම් කර තිබූ නිසා එය ලබා ගැනීමට ඔස්ලෝ නුවරට පැමිණීමට ඇයට නොහැකි විය. නොබෙල් ත්‍යාගය ලැබීමෙන් තමාට ජාතික තලයෙන් ඔබ්බට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට අවස්ථාව සැලසුණ බව ඇය සිය දේශනයේදී සඳහන් කළාය. ඔස්ලෝ නගරශාලාවේ පැවැති මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවට රාජකීයයන්, විද්වතුන් සහ මියන්මාර ජාතිකයන් පිරිසක් ද සහභාගී වූහ. නෝර්වේ සංචාරය අවසන් කරමින් ඇය අද (18) දිනයේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට පැමිණීමට නියමිතය.



අදහස් (0)

මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අඛණ්ඩව කි‍්‍රයා කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site