බටහිර මියන්මාරයේ ඇවිල යන වාර්ගික ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් 60 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මියන්මාර ආරංචි මාර්ග කියයි. විනාශවී ඇති නිවාස ප‍්‍රමාණය 2000 කට ආසන්න බව සදහන්ය. ගැටුම් ඇතිවූයේ රැක්නි හා රොහින්ග්යා ජන කොට්ඨාස දෙක අතරය. රැක්නිවරුන් බෞද්ධයන් වන අතර රොහින්ග්යා ජන කොට්ඨාසයේ සිටින්නෝ මුස්ලිම්වරුය. රොහින්ග්යාවරුනට මියන්මාරයේ පුරවැසිභාවය මෙතෙක් ලබා දි නොමැත. ඔවුන් අතර සිටින බොහෝ දෙනා බංගලිදේශයේ සිට නීති විරෝධී ලෙස පැමිණි සංක‍්‍රමණිකයන් වන අතර ගණනින් 800000 පමණ දෙනා ඔවුන් අතර වන බව සදහන්ය. මියන්මාරයේ රැක්නිවරුන් හා රොහින්ග්යාවරුන් අතර ඉඩම් ආරවුල් මුල් කරගෙන නිරන්තරයෙන් ගැටුම් ඇතිවේ. එසේ වුවද පසුගිය ජූනි මාසයේ කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දෙපාර්ශවය අතර දරුණු ලෙස ගැටුම් ඇවිල ගිය අතර එනිසා 75 දෙනෙකුට සිය ජීවිත බොහෝ දෙනෙකුට උන්හිටිතැන් ද අහිමි විය. මෙවර ද එවන් තත්ත්වයක් ඇතිවීමේ ලකුණු පහළව ඇති හෙයින් කඩිනම් පියවර ගන්නැයි එක්සත් ජාතීන් ඇතුළු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මියන්මාර රජයට බල කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මියන්මාරය පත්තුවන්න චෙන්න එපා