මියන්මාර සිවිල් රජයේ නව දේශපාලන ප‍්‍රතිංස්කරණවලට ඉඩ සලසා දෙමින් දැඩි මතධාරියකු ලෙස කටයුතු කළ එරට උප ජනපති ටින් අවුන් මියැන් ඕ (61) ඊයේ (6) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.
මියන්මාරයේ හමුදා පාලනයක් පවතිද්දී හමුදා රජයේ ඒකාධිපති පාලකයා වූ ජනරාල් තාන් ස්වේගේ දෙවැනියා ලෙස කටයුතු කළේ ද මොහුය. 2010 වසරේ මැතිවරණයෙන් පසු මියන්මාරයේ සිවිල් රජයක් පිහිටවූ අතර වත්මන් ජනපති ධුරය හොබවන්නේ ද හමුදා සේවයට සමුදුන් තාන් ස්වේය.
2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගත්තේ ද හමුදා රජයට හිතවත් දේශපාලන පක්ෂය. ඔවුන් එක්වී පිහිටුවූ රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක කටයුතු කරන බව පෙනෙයි.
වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ රඳවනු ලැබූ එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී නිදහස ලැබුවේත් ඇයට ඉකුත් අපේ‍්‍රල් පළමුවැනිදා අතුරුමැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට හැකි වූයේත් එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ හේතුවෙනි.
එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල පවා ප‍්‍රසංශාවට ලක්වී ඇති අතර මියන්මාරයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඕස්ටේ‍්‍රලියාව තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයේ දැඩිමතධාරී උප ජනපති ඉල්ලා අස්වෙයි