මියන්මාරයේ ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගයේ නායිකාව ලෙස යළිත් වරක් අවුන් සාන් සූ කී පත් කෙරුණි.
තම පක්ෂ නායිකාව ලෙස සූ කී පත් කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කළේ පෙරේදා (9) පැවැති එම පක්ෂ සමුළුවේදීය.
මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති අවධියේ දී පවා සූ කී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගයට නායනත්වය දුන්නාය. ඇය එම නායකත්වයෙන් ඉවත් වූයේ 2010 වසරේ දී මියන්මාරයේ පැවැති මහ මැතිවරණයට පෙරය.
සූ කී නිවාස අඩස්සියේ සිටි නිසා ඇයට එම මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය. ඇය පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ එම අවස්ථාවේදීය.
2015 වසරේ දී මියන්මාරයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී සූ කී විපක්ෂ නායිකාව ලෙස තරග කිරීමට සූදානමින් සිටී.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මියන්මාර විපක්ෂ නායකත්වය සූ කීට