මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණවල දෙවැනි අදියර පෙරේදා (04) කි‍්‍රයාත්මක වූ අතර දැඩිමතධාරී නායකයන් කිහිප දෙනකුගේ තනතුරු වෙනස් කෙරුණි. දේශපාලන ප‍්‍රතිසංස්කරණවල දෙවැනි අදියර කි‍්‍රයාත්මක වූයේ පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේදීය. හමුදා පාලනය අවසන් වී මහ මැතිවරණයකින් ද පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. නමුත් එහි පාලකයන් ලෙස තවමත් කටයුතු කරමින් තීරණ ගන්නේ හමුදා රජය පැවැති අවදියේදී රට පාලනය කළ හමුදා පාලකයෝය. මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් පවා හිටපු හමුදා ජුන්ටාවේ ජ්‍යේෂ්ඨයෙකි. දැන් ඔහු සිවිල් ජනපතිවරයකු ලෙස කටයුතු කරන්නේ හමුදාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුවය. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ මියන්මාරයේ තවමත් ඇත්තේ අර්ධ හමුදා සහ අර්ධ සිවිල් රජයක් කියාය. කෙසේ නමුත් මියන්මාර රජය හඳුන්වා දී කි‍්‍රයාවට නැංවූ දේශපාලන ප‍්‍රතිසංස්කරණ බටහිර රටවල දැඩි ප‍්‍රශංසාවට ලක් වී ඇත. ඒ නිසාම මියන්මාරයට එරෙහිව පනවා තිබූ සම්බාධක ද දිනෙන් දින ලිහිල් වෙමින් පවතී. මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කීට සහභාගී වී ජයග‍්‍රහණය කළ ඉකුත් අපේ‍්‍රල් මස පළමු වැනිදා පැවැති අතුරු මැතිවරණය පැවැත්වූයේ ද සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණවල පළමු අදියර යටතේය. ඊට අමතරව දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීම ද සිදු කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාර නායකයන්ගේ තනතුරු වෙනස් කෙරේ