IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


මියන්මාර ජනපති ඇමෙරිකා යයි

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, මියන්මාර ජනාධිපති ත්වෙන් ස්වෙන් ඊයේ (19) ඇමෙරිකාවට පැමිණියේය.
මියන්මාර රාජ්‍ය නායකයකු ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකානු ජනපතිවරයකු හමුවන්නේ වසර 50 කට පසුවය.
ජනපති ත්වෙන් ස්වෙන්ගේ රජය හඳුන්වා දී කි‍්‍රයාත්මක කර ඇති නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇමෙරිකාවේ පැසැසුමට ලක් වී ඇත. 
මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කරමින් එරටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ද ඔබාමා පරිපාලනය තීරණය කර ඇත.
ත්වෙන් ස්වෙන් ඉකුත් වසරේ දී ඇමෙරිකාවට පැමිණියේය.     ඒ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගීවීමටය. මියන්මාර විපක්ෂ නායිකා සූ කී ද නිවාස අඩස්සියෙන් නිදහස් වීමෙන් පසු ඇමෙරිකාවේ සංචාරය කළාය.



අදහස් (0)

මියන්මාර ජනපති ඇමෙරිකා යයි

චූල Monday, 20 May 2013 10:50 AM

හොරකම වංචාව,පුරාජේරුව,මහන්තත්වේ අතහැර ඇමරිකාව පිටුපස ගිය හැමරටක්ම ගොඩ ගියා .උදාහරණ දකුණු කොරියවාව, සිංගප්පූරුව, මැලේසියාව. ඒත් රුසියාව පස්සේ ගිය මෝම නන්නත්තාර වෙලා. උදාහරණ ලංකාව,උස්බෙකිස්තන්,කසකස්තාන්.(ස)

:       0       0

ශීලා Monday, 20 May 2013 10:53 AM

ඊනියා බටහිර විරොදේ අතහැර දමා එල්ලෙන්ට වැල් හොයා හොයා ඉන්න අවස්තාවදින්ට සහය නොදී රට ගැන හිත වංචාව දුශනේ,හොරකම අතහැර දමා ඇමරිකාවට කඩේ ගොස් රට දියුණු කරමු. ජපානේ, සින්ගපුරුව,දකුණු කොරියාව,මැලේසියාව.කල වගේ. (ස)

:       0       0

මුරුගන් Monday, 20 May 2013 10:56 AM

අපේ අය ඇමරිකාවට ණය වේවි,දරුවොන්ට පුරවැසිභාවය අරන්දෙමින්,එහාටම බැන බැන අපි ඉස්සරහ පුහු වීරයෝ වන ගමන්ම, ඇමරිකාවට කඩේ ගොස් දියුණු වුණ දකුණු කොරියාව වගේ රටවලට ශ්‍රමිකයෝ වැඩට අරිනව (නි)

:       0       0

නන්දන Monday, 20 May 2013 10:57 AM

ඇයි යුද්දෙන් පස්සේ අපේ අයත් ගියේ ඇමරිකාවේ "ට්‍රිප්" එකක්. හැබැයි මෙහෙ අපු ගමන් කරපු පලවෙනි දේ තමයි ඇමරිකාවට ලුණු ඇඹුල් දාලා ඇමතීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site