පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන්ට ඉක්මන් මරණයක් ළඟා කර දුන්නේයැයි චෝදනා ලැබ වරදකරු වී සිරගත කැරුණු ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ වෛද්‍ය කොනාර්ඩ් මරේ තම සිව් අවුරුදු සිර දඩුවමෙන් අඩක් සම්පූර්ණ කර පසුගිය මස නිදහස ලැබීය.
නිදහස ලබා ප්‍රථම වතාවට පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසූවේ තමන් මයිකල් ජැක්සන්ගේ මරණයට කිසිලෙසකින්වත් හවුල් නොවූ බවයි. ජැක්සන්ම ජැක්සන් මරා ගත් බව ඔහු කීවේය.
මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු ද ඔහු පුවත්පත් සාකච්ඡාවේදී සදහන් කළේය.
මයිකල් ජැක්සන්ගේ අවසන් කාලයේ ඔහු සිටියේ අධික මානසික පීඩනයකින් බව ද මෙනිසා ඔහු එය අවම කර ගැනීමේ අරමුණින් විවිධාකාර ඖෂධයන්ගේ පිහිට පතමින් සිටි බව ද වෛද්‍ය කොනාර්ඩ් මරේ පැවසුවේය.
වරෙක එවන් එක් ඖෂධයක් වැඩි මාත්‍රාවකින් මයිකල් ඉල්ලා සිටි කළ තමන් එය තරයේ ප්‍රතික්ෂේප කළ බවත් එහෙත් තමන් කාමරයෙන් මදකට පිටතට ගිය අවස්ථාවේ මයිකල්ම එය වැඩි මාත්‍රාවකින් ලබාගෙන තිබෙනු තමන් දුටු බවත් ඔහු කීවේය.
මයිකල්ගේ මරණය ළගා වූ එම අවස්ථාවේ ඔහු බේරා ගැනීමට තමන් දැඩි උත්සාහයක් දැරුව ද එය සාර්ථක නොවූ බව වෛද්‍යවරයා පැවසීය.
2009 වසරේ ජූනි මස 25 වැනි දා සිදුවූ මයිකල් ජැක්සන්ගේ මරණය ලොවම කැළඹු සිදුවීමක් විය.මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ වැඩි මාත්‍රාවකින් ගතහොත් හානිකර වන ඖෂධයක බලපෑම නිසා මයිකල් මියගොස් ඇති බවයි.
මයිකල්ට එම ඖෂධය ලබා දුන්නේයැයි ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ කොනාර්ඩ් මරේට චෝදනා එල්ල විය. වෛද්‍ය කොනාර්ඩ් මරේ තමන්ට එල්ල වූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ද ඔහු අනියම් මිනීමැරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කළ අධිකරණය ඔහුව සිව් අවුරුද්දකට සිර ගෙදරට යැවීය.
නමුත් අවුරුදු 2 ක සිර දඩුවම් විදීමෙන් පසු ඔහු නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. දැන් වෛද්‍ය මරේ තමන්ගේ වෛද්‍ය සහතිකය යළි ලබාගෙන ජීවිතය අලූතින් පටන් ගැනීමේ වෑයමක යෙදී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික සැප සම්පත් තියෙන බොහෝ දෙනෙකුට මානසික පීඩනය ඇයි ? බුදුරජාණන් වහන්සේ (අත්තාඝාරෝ තතාගතා) එහි තේරුම,නියම මාර්ගය ආර්ය මාර්ගය දැනගත්තු තැනැත්තා ! (නදී)
හොර දොස්තර (ස)
දොස්තර මහත්තයාගේ වරදක් නැහැනේ. (අ)
දොස්තර මහත්තයාගේ වරදක් නැහැනේ. (නදී)
දොස්තර වැරදි බවයි මම කියන්නේ. මයිකල් ජැක්සන් එතරම් වැඩි මාත්‍රාවක් සහිත බෙහෙත් ඉල්ලුවා නම් දොස්තරට හිතට එකඟව ඉල්ලා අස්වෙන්න තිබුනා. (නි)
මයිකල් ජැක්සන් සැමදා අමරණීයයි (නි)
ඉන්දු මෙල්බර්න්, ඔයාලා අපිට වගේ නෙමෙයි සල්ලිකාර ප්‍රසිද්ධ අයට දොස්තරලා කණ්ඩායමක්ම ඉන්නවා නිතර දෙවේලේ සොයා බලන්න. (නි)
සංජීව මහත්තයා, ඔබගේ අදහස් දැක්වීම හොදයි. ඒත්.....? (නි)
සාමාන්‍යයෙන් නම් දොස්තර මහත්වරු දෙන්නේ බෙහෙත් ගන්න තුණ්ඩුව, මේ දොස්තර මහතා බෙහෙතුත් දීලා. (අ)
ඔයින් ගියා ඇති.(නදී)
ඊලග..ලෙඩා.. එන්න (නදී)
ඔබාමා මහතාට බෙහෙත් දෙන්නකෝ (අ)
මොකද ලංකාවේ දොස්තර මහත්තුරු වගේ ස්ට්‍රයික් කලේ නැත්තේ එහෙ දොස්තරමහත්තුරු? (අ)
අන්තරායකාරී ඖෂධ ලොකු පොඩි බේදයකින් තොරව කිසිවෙකුට අසු නොවන ලෙස ගබඩා කර තැබීම ඒවා ලග තියෙන අයගේ වග කීමක්. එහෙම බැලුවත් මේ දොස්තර මහතා වැරදියි.(නදී) .
ලංකාවේ නම් දොස්තර වැඩේ යට ගහලා නිදහසත් ලබලා.මතකද නවලෝකේ යන්ත්‍රයක් පුපුරලා ළමයෙක් මැරුණා.කෝ ඒකට මොකද වුණේ?ලංකාවේ සමහර දොස්තරලාගෙන් ප්‍රශ්න අහන්න බැහැනේ ලෙඩාට.දොස්තර සියලුම දේ දන්නා නිසා ලෙඩාට අයිතියක් නැහැ ප්‍රශ්න අහන්න.මට මතකයි දොස්තර කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඇඟට ගොඩ වුණා.නමුත් මෙහි ප්‍රතිකාර කිරීමට පෙර සියලුම දේ ලෙඩාට විස්තර කරලා දෙනවා.දොස්තරගේ, හෙදියගේ සිට ෆාමසියට යනතුරු ඒ පිළිවෙත එහෙමයි.ඒ වගේම ලෙඩාට බොහොම කරුණාවෙන් කතා කරන්නේ. එහෙත් ලංකාවේ? ඒ වගේ සුළු දෙනෙක් තමා ඉන්නේ.මෙහෙ නීතිය කාටත් පොදුයි.කවුරු වරදක් කළත් නීතියෙන් ගැළවීමක් නැහැ.යමෙකුගේ දේශපාලන බලයෙන් හෝ සල්ලි බලයෙන් හෝ ජනප්‍රියත්වය නිසා, යට ගැහිලි බැහැ (නි)
ඔබාමා ජනදිපතිතුමාගේ නම දා ඇති අය ලොකු වරදක් කරලා තියන්නේ. ඇමරිකාවේ මිනීමරුවන්ට ජනාදිපති නිදහස නැහැ. මමත් බෝදධයෙක්. දොස්තර හිරේ දැම්මේ ඒ නිසා. ලංකාවේ නම් හිරේ යයිද ? කල්පනා කර බලන්න. (නදී)
ඉන්දු, හොඳ තුරුම්පුවක් (නි)