
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක මේ අයුරින් මෘතදේහවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවන අතර, එම ප්‍රාන්ත අතරට අලුතින්ම එක් වුණු ප්‍රාන්තය වන්නේ නිව්යෝක්ය.
මෘතදේහ ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා, කොම්පෝස්ට් පොහොර සැකසීමට යොදා ගැනීම පරිසරහිතකාමී බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
ඊට අමතරව, ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා එය ලාභදායී බව ද පැවැසෙයි. මෙහිදී සිදුවන්නේ මෘතදේහ විශේෂ පස් පිරවූ කන්ටේනරයක දිරාපත් වීමට සැලැස්වීමය.
මෘතදේහ යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා පළමුවෙන්ම අනුමැතිය දුන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය යැයි ද මාධ්‍ය වාර්තා පවසා තිබේ.
ආදාහනය හෝ භූමදානය නොකර කොම්පෝස්ට් පොහොර නිපදවීමට අනුමැතිය දුන් නිව්යෝක් ආණ්ඩුකාරවරිය කැතී හෝචුල් ඩිමොක්‍රටික් පාක්ෂිකාවකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නනම් එපා බතල මයියොක්ක පුතේ. මීට ගොනෙක් නිසාන්ත මහත්මයා.
ඇමෙරිකාවෙන් ලැබෙන ‘‘ආධාර ආහාර‘‘ ගැන සැලකිලිමත් වෙන්න. මොන වසංගත හැදිලා මැරිච්ච මෘත දේහ මේවට භාවිතා වෙනවද? සල්ලි තියෙන පොහොසත් අයට එයාලටම වෙන්කරගත්ත පවුලේ සුසාන භූමි තියෙනවනේ...! කාත් කවුරුවත් නැති දුගී දුප්පත් යාචකයින් තමයි මේවට භාවිතා වෙන්නේ..!
නියමයි... කොරෝනා මරණ භූමදානයට ඉඩනොදුන් ලංකාව... අපිට ආඩම්බරයි...!
පොළොවට පස් වීමේ ස්වභාවධර්මතාව බටහිරට දැන් මැජික් එකක් වුනාට එදා ඉඳන් අපේ සරළ ජීවිතයේ කොටසක්. භූමියට දානයක් වීම තමයි භූමිදාන කියන්නේ. ඒකනේ තිසාහාමි ඇත්තන් කියලා තිබුනේ "මගේ මළ කඳ බක්මී ගහකට පෝර වුනාවේ" කියලා....
ඉස්සර මිනිස්සු කියන්නෙ මගෙ මස් පස් වෙන්න ඔන ඒ පස් ගස්වෙන්න ඔන කියල ඉන්නකන් වැඩක් නැති මිනිස්සුන්ගෙන් මැරුනම හරි අපිත් වැඩක් ගමු.