
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක මේ අයුරින් මෘතදේහවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවන අතර, එම ප්‍රාන්ත අතරට අලුතින්ම එක් වුණු ප්‍රාන්තය වන්නේ නිව්යෝක්ය.
මෘතදේහ ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා, කොම්පෝස්ට් පොහොර සැකසීමට යොදා ගැනීම පරිසරහිතකාමී බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
ඊට අමතරව, ආදාහනය හෝ භූමදානය හෝ කරනවාට වඩා එය ලාභදායී බව ද පැවැසෙයි. මෙහිදී සිදුවන්නේ මෘතදේහ විශේෂ පස් පිරවූ කන්ටේනරයක දිරාපත් වීමට සැලැස්වීමය.
මෘතදේහ යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා පළමුවෙන්ම අනුමැතිය දුන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය යැයි ද මාධ්‍ය වාර්තා පවසා තිබේ.
ආදාහනය හෝ භූමදානය නොකර කොම්පෝස්ට් පොහොර නිපදවීමට අනුමැතිය දුන් නිව්යෝක් ආණ්ඩුකාරවරිය කැතී හෝචුල් ඩිමොක්‍රටික් පාක්ෂිකාවකි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිස් සිරුරුවලින් කොම්පෝස්ට් හදනවා
ගොනෙක් නිසාන්ත මහත්මයා Monday, 02 January 2023 04:40 PM
කන්නනම් එපා බතල මයියොක්ක පුතේ. මීට ගොනෙක් නිසාන්ත මහත්මයා.
ganegoda Monday, 02 January 2023 05:05 PM
ඇමෙරිකාවෙන් ලැබෙන ‘‘ආධාර ආහාර‘‘ ගැන සැලකිලිමත් වෙන්න. මොන වසංගත හැදිලා මැරිච්ච මෘත දේහ මේවට භාවිතා වෙනවද? සල්ලි තියෙන පොහොසත් අයට එයාලටම වෙන්කරගත්ත පවුලේ සුසාන භූමි තියෙනවනේ...! කාත් කවුරුවත් නැති දුගී දුප්පත් යාචකයින් තමයි මේවට භාවිතා වෙන්නේ..!
සෙනෙවිරත්න Monday, 02 January 2023 05:55 PM
ඔබගේ විද්‍යාත්මක දැනීම, ඉතා දුර්වලයි. ශාක වර්ධනය, ප්‍රභාසංස්ලේෂණය ශාකමුල් මගින් පෝෂක කොටස් උරා ගැනීම ගැන හදාරන්න. එතකොට ඔය දුර්මතය බැහැර වෙයි. මළ මිනියකට පණ තියෙන මිනිහෙකුට වඩා බය මේ පෙරදිග සංස්කෘතිකය තමයි. බුදුන් වදාලේ මේ ශරීරය කුණු ගොඩක් කියලා, කුණු ගොඩකින් කොම්පෝස්ට් හැදුවාම මොකද? කොරෝනා මරණ ආදාහනය කරන්න කිව්වේත් මේ වගේ අය තමයි.
fairoos Monday, 02 January 2023 05:55 PM
නියමයි... කොරෝනා මරණ භූමදානයට ඉඩනොදුන් ලංකාව... අපිට ආඩම්බරයි...!
තිසාහාමි Monday, 02 January 2023 09:44 PM
පොළොවට පස් වීමේ ස්වභාවධර්මතාව බටහිරට දැන් මැජික් එකක් වුනාට එදා ඉඳන් අපේ සරළ ජීවිතයේ කොටසක්. භූමියට දානයක් වීම තමයි භූමිදාන කියන්නේ. ඒකනේ තිසාහාමි ඇත්තන් කියලා තිබුනේ "මගේ මළ කඳ බක්මී ගහකට පෝර වුනාවේ" කියලා....
liyanna Tuesday, 03 January 2023 11:54 AM
ඉස්සර මිනිස්සු කියන්නෙ මගෙ මස් පස් වෙන්න ඔන ඒ පස් ගස්වෙන්න ඔන කියල ඉන්නකන් වැඩක් නැති මිනිස්සුන්ගෙන් මැරුනම හරි අපිත් වැඩක් ගමු.