සිය මනාලිය කැන්දාගෙන යාමට පස් කපන බැකෝ යන්ත‍්‍රයකින් පැමිණි මනාලයෙකු ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.
සයිමන් පළපුරුදු බැකෝ යන්ත‍්‍ර කි‍්‍රයාකරුවෙකි.ඔහුගේ පෙම්වතිය වූ හෙයිඩිද සිය පෙම්වතාගේ ‘බැකෝ වූ පිස්සුව‘ ගැන හොදින්ම දැන සිටියාය.එහෙයින් මංගල දිනයේදී තමන් පල්ලිය වෙත කැන්දාගෙන යාමට සයිමන් බැකෝ යන්ත‍්‍රයක පැමිණ තිබීම ඇයට පුදුමයක් නොවිය. බැකෝ යන්ත‍්‍රයක සාමාන්‍යයෙන් අසුන් ගැනීමට හැක්කේ එක් අයෙකුට පමණක් බැවින් හෙයිඩිට සිදුවූයේ යන්ත‍්‍රයේ පස් රදවාගන්නා ‘‘කුල්ලේ‘‘ සිටගැනීමටය.අනතුරුව සයිමන් ඇය පරිස්සමින් පල්ලිය වෙත රැගෙන ගියේය.
‘‘මට කිසිම බයක් ඇතිවුණේ නැහැ.සයිමන් දක්ෂයකු බව මා දන්නවා.මගේ මවුපියන් ඇතුළු සියලු දෙනාට පුදුමයක් වුණ මම බැකෝ යන්ත‍්‍රයක එනවා දැකීම.
පල්ලිය වෙත පැමිණි යුවළ නෑදැහිතමිතුරන් සියලූ දෙනාගේ ආශිර්වාදය මධ්‍යයේ විවාහ දිවියට ඇතුළත් වුහ.ඔවුන්ගේ ‘‘ගමන් සගයාද’’ ඒ අසලම ගාල් කර තිබිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මනාලිය බැකෝවෙන් යයි
සංදීප් Tuesday, 16 April 2013 05:30 PM
ඔබ දෙපළට ජය සහ සතුට! (නි)
ෂෙරිෆ් Tuesday, 16 April 2013 11:10 AM
පුදුම වෙන්න දෙයක් නැහැ, අතීතයේ අපේ රටේ සයිමන් උන්නැහැලා එහෙම මනාලිය කැන්දන් ආවේ ගොන් කරත්තෙනේ.... (නි)
සිරි Wednesday, 17 April 2013 09:41 AM
ඔය මහා ලොකුවට කසාද බැන්දට දෙන්න ඉන්නේ මාස දෙකයි තුනයි. ඊට වඩා නම් නැහැ... දැන් කාලේ!! (නි)
ගාමිණී Tuesday, 16 April 2013 12:00 PM
අපේ රටේ බැකෝ එකකින් ගියා නම් මනාලයා කොට උඩ! පැයකට රුපියල් 2500/= ක් ගෙවනකොට ඒසී කාර් එකක යනඑක ලාබයි (නි)
ලීසා Tuesday, 16 April 2013 07:03 PM
විවාහය කියන්නේ ශිෂ්ටසම්පන්න සමාජයේ කාන්තාවක හා පුරුෂයෙකු එක නිවහනක අළුත් ජීවිතයක් ගතකරන්න පටන්ගන්නා දවස. ඒ දවස අනෙක් හැමෝටම වඩා වැදගත් වෙන්නෙ ඒ දෙන්නට. ඉතින් ඒ වගේ දවසක සමාජයට තිබෙන ලැජ්ජාව සහ බිය නිසා හැමෝම කරන දේවල් ඒ විදියටම කරන්න උත්සාහ නොකර තමන් කැමති දෙයක් තමන් කැමති විදිහට කරන්න මේ දෙන්නා ළඟ තිබුණු ආත්ම ශක්තිය අගය කළයුතුයි. (නි)
මේනු Tuesday, 16 April 2013 01:02 PM
පිස්සු හැදෙනවා... (නි)
හේරත් Tuesday, 16 April 2013 01:30 PM
මම හිතුවේ මනමාලි පස් කන්දක් කියලා. බැලුවම කුඩෙක දා ගෙන යන්න පුළුවන් මනමාලියෙක් නේ. සුබ මංගලම්.(නදී)
උපුල් Tuesday, 16 April 2013 02:01 PM
මොකක ආවත් කමක් නැහැ දෙන්නා සතුටින් හොදින් ජීවත් වෙනවා නම් ඒ ඇති . සුබ ගමන්!(නදී)
උපුල් Tuesday, 16 April 2013 02:03 PM
ඕකේ ආවට කමක් නැහැ. බිරිදට වැඩිය ඕකට ආදරේ කරන්න ගත්තොත් නම් හරියන්නේ නැහැ.(නදී)