IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මන්මෝහන් - ඔබාමා නවාස් ෂරීෆ්ට සුබ පතති

තෙවැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමට ජනවරමක්  හිමිවූ නවාස් ෂරීෆ්ට ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් සහ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් සුබ පැතුම්  පිරිනැමුණි.

ෂරීෆ්ගේ නව රජය සමඟ ඉතා සමීපව මෙන්ම සහයෝගයෙන්ද කටයුතු කිරීමට වොෂින්ටනය සූදානම් බව ජනපති ඔබාමාගේ  සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

පාකිස්තානය සහ පාකිස්තාන වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇමෙරිකාව මින් ඉදිරියටත් පාකිස්තාන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ජනපති ඔබාමා වැඩිදුරටත් පවසා ඇත.

ඇෆ්ගන් සංග‍්‍රාමයේදී පාකිස්තානයේ සහාය ඇමෙරිකාවට අවශ්‍ය වෙයි.

ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය. ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව පාකිස්තාන රජය මුදල් ලබා දීමක් ද සිදු කරයි.

2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කිරීමට ඇමෙරිකාව තීරණය කර සිටියත්, පාකිස්තානය දිගටම තම මිතුරා ලෙස තබා ගැනීමට ඇමෙරිකාව අපේක්ෂා කරයි.

පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළත්, ෂරීෆ්ගේ නව රජය සටන්කාමීන්ට එරෙහිව කි‍්‍රයා කරනු ඇතැයි යන්න තම විශ්වාසය යැයි ද ඇමෙරිකාව පවසයි.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං, නවාස් ෂරීෆ්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉන්දු පාකිස්තාන සබඳතා අලූත් කර ගැනීමටත්, දෙරට අතරේ හොඳහිත වර්ධනය කර ගැනීමටත් තමන් විශ්වාස කරන බවය.

1999 වසරේ දී හමුදා කුමන්ත‍්‍රණයකින් බලය අහිමි වෙද්දී තමන් ඉන්දියාවත් සමඟ පැවැත් වූ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන් ද අපේක්ෂා කරන බව ෂරීෆ් ද පවසා ඇත.



අදහස් (0)

මන්මෝහන් - ඔබාමා නවාස් ෂරීෆ්ට සුබ පතති

සේරම් පැරිස් Monday, 13 May 2013 09:59 PM

මන් මෝහන් දැන් ඔබාමාගේ කතා වලට හොඳට මෝහනය වෙලා ඉන්නවා වගෙයි මට පෙනෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 323 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16436 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 619 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site