වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලා සුවය ලබා ඊයේ (1) රෝහල් පිටව ගියේය.
94 හැවිරිදි මැන්ඩෙලා ජොහැන්ස්බර්ග් නුවර රෝහලට ඇතුළු කෙරුණේ පෙනහළු ආසාදනයක් නිසා යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මැන්ඩෙලාට දිගටම ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ඔහුගේ නිවසට යැවීමට කටයුතු කරන බවය.