IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මැන්ඩෙලා ලෙඩ වෙයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රෝගාතුරවී රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. අනුහතර හැවිරිදි  වියේ පසුවන  මැන්ඩෙලා හොඳ සනීපයකින් ඉන්නා බවත් රෝහල් ගත කළේ  ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමට බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි. එනමුත් පසුගිය වසර දෙකක පමණ කාලයේ  ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම නිසා බොහෝදෙනා ඔහුගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලවත්සේ  කණස්සල්ලට පත්ව සිටිති.  සුදු පාලන සමයේ දකුණු අප්‍රිකාවේ පැවැති රාජ්‍ය වර්ණභේදයට එරෙහිව ජනයා පෙළගැස්වීමේ හේතුවෙන් වසර 27ක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගතව සිටි මන්ඩෙලා නිදහස ලැබීමෙන් අනතුරුව 1994 දී එරට ජනාධිපති ලෙස මහජන චන්දයෙන් තේරීපත් විය. දකුණු අප්‍රිකාවේ සියලු ම ජාතීන්ට එක සමානව සැලැකීම ඔහුගේ පිළිවෙත විය. නිල කාලයවූ වසර පහ අවසන් වූ පසුව මුළු රටම තවදුරටත් ජනාධිපති තනතුරේ ඉන්නා ලෙසට ඉල්ලාසිටියද ඔහු ප්‍රතික්ෂේප කර විශ්‍රාම ගියේය. මැන්ඩෙලා අද අසහාය දේශපාලඥයෙකු ලෙසට මුළු ලොවම ප්‍රසාදය දිනා සිටියි.    



අදහස් (0)

මැන්ඩෙලා ලෙඩ වෙයි

හැරල්ඩ් Sunday, 09 December 2012 07:38 PM

මෙතුමන්ලා වැනි උත්තමයින් ලංකාවේ දේශපාලකයින්ට හොද ආදර්ශයක්. (නි)

:       0       0

සාලිය Sunday, 09 December 2012 08:03 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සිල්වා Sunday, 09 December 2012 02:37 PM

ඔබට බුදු සරණයි ඉක්මන් සුවය ලැබවා (දී)

:       0       0

අශෝකා Sunday, 09 December 2012 09:50 PM

ඔබතුමාට ඉක්මන් සුව පතනවා (දී)

:       0       0

ගාමිණි Sunday, 09 December 2012 10:02 PM

ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 09 December 2012 11:29 PM

ඔබ නීතිය සියල්ලන්ටම සමානව ක්‍රියාත්මක කළා. ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

ආනන්ද Sunday, 09 December 2012 11:30 PM

ඔබගේ අගය අපට මැනවින් වැටහේ. ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

නිර්මාල් Sunday, 09 December 2012 11:03 AM

ලෝකෙම ආදරය දිනා ගත චරිතයක් (දී)

:       0       0

මිලින්ද Sunday, 09 December 2012 11:04 AM

ඉක්මන් සුවය ලැබේවා

:       0       0

දිල්ෂාන් Sunday, 09 December 2012 05:53 PM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ස)

:       0       0

චූලා Sunday, 09 December 2012 11:10 AM

ඔබේ නිහතමානි කම සදා අගය කරමු. ඔබ වැන්නන් අපේ රටේ පහළ වේවා. (ත)

:       0       0

මාලක Sunday, 09 December 2012 11:05 AM

බලයට කෑදර නැති ඔබ සදා අමරණීයයි. (ත)

:       0       0

ජීවන් Sunday, 09 December 2012 11:11 AM

ඔබට චිරන් ජයතු. (ත)

:       0       0

අනුර Sunday, 09 December 2012 06:25 PM

චිරං ජයතු කියලා ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 09 December 2012 12:44 PM

ලෝකයේ ශේෂ්ඨයන් අතරින් ඔබ එක්‍ අයෙකි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17780 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site