ලොව නගර දවා අළු කළ හැකි,සාගර ජලය ක්ෂණිකයෙන් නටන උෂ්ණත්වය තෙක් රත් කරවිය හැක මාරක අවියක සැළැසුම් හමුවී ඇතැයි වාර්තා වේ.
මෙය සැළැසුම් කර ඇත්තේ දෙවැනි ලෝක යුධ සමයේදී ජර්මන් ජාතික විද්‍යාඥයින් විසින් බව කියැවේ.වැය කිරීමට අපේක්ෂිතව තිබූ මුදල ජර්මන් මාක් තිස් ලක්ෂයක් වන බවත් වසර 15 කින් ව්‍යාපෘතිය අවසන් කිරීමටත් නියමිතව තිබී ඇතැයි පුවත අනාවරණය කළ ඇමරිකාවේ ලයිෆ් සගරාව කියයි.
අප කුඩා කාලයේ අත් කාචයක් ආධාරයෙන් හිරු එළිය නාභිගත කර වියැලූණු කොළ,පුලූන් ආදියට ගිනි දැල්වූ ආකාරය සිහියට නගා ගන්න.ජර්මන් විද්‍යාඥයන්ගේ සැළැසුම් වල තිබී ඇත්තේද ඒ මූලධර්මයයි.
සැළැසුමේ හැටියට විශාල පරිමානයේ තල දර්පණ අභ්‍යාවකාශයේ රදවා ඒවායින් හිරුගේ කිරණ නාභි ගත පෘථීවියේ පහර දිය යුතු ඉලක්ක වලට එල්ල කිරීමට සැළැසුම් කර තිබී ඇතැයි සදහන්ය.මේ දර්පණ වල පිහිටීම පාලනය කිරීමට ගගනගාමීන් ගුවනට යැවීමේ අභ්‍යාවකාශ වැඩසටහනක්ද ජර්මන් ජාතික විද්‍යාඥයින් විසින් සැළැසුම් කර තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චඃ මමත් රොටියක් පුච්ච ගන්න කොරමයක් හොය හොයා හිටියේ .(නදී)
ජේම්ස් බොන්ඩ් කථා මාලාවේ එක් කථාවක මේ වගේ ආයුධයක් තියෙනවා. භාවිතා කරන්න ඔන්න මෙන්න තියෙද් දී ජේම්ස් බොන්ඩ් ඒක විනාශ කරනවා. එක්කෝ මේ සැලසුම ඒකේ කොපියක්. නැතිනම් ජේම්ස් බොන්ඩ් ලියලා තියෙන්නේ මේක කොපි කරලා.. කොහො ම නමුත් හැදුනේ නැති එක නම් ලොකු දෙයක්...!(නදී)