
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ විසින් මිලදී ගනු ලැබූ බව කියන ගුවන් යානයක්, තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් පියවර ගෙන ඇත.
‘ෆෝල්කන් 900 ඊ එක්ස්’ වර්ගයේ මෙම ගුවන් යානය, ඇමෙරිකන් බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇත්තේ ඩොමිනිකන් ජනරජයේදීය.
ගුවන් යානයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 13 ක් යැයි පැවැසෙයි. ගුවන් යානය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට රැගෙන ගොස් ඇත.
ඇමෙරිකාව, ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවටත්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට විවිධාකාරයේ චෝදනා යටතේ සම්බාධක පනවා ඇත.
ගුවන් යානය තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් කටයුතු කළේ එම සම්මාධක උල්ලංගනය කළේ යැයි චෝදනා නගමිනි.
වෙනිසියුලාවේ ජනාධිපතිවරණය පසුගිය ජූලි මාසයේදී පැවැත්වුණු අතර එයින් ද විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට මදුරෝ සමත් විය.
එම ජනාධිපතිවරණය ද දූෂිත යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව පවසන්නේ දැඩි මර්දනයට ලක්වුණු වෙනිසියුලා විපක්ෂය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.