IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මැදපෙරදිගට සාමය උදා කිරීමේ පහසු ක‍්‍රම නෑ

ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 66 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා (21) කියා සිටියේ මැද පෙරදිග සාමය උදාකිරීම සඳහා ‘පහසු කෙටි ක‍්‍රම’ නැති බවය. මෙවර මහා මණ්ඩල සැසිවාරයේදී ජනපති ඔබාමාගේ දේශනයට මාතෘකාව වූයේ ඊශ‍්‍රායල/පලස්තීන අර්බුදයයි. පලස්තීනය ජනාධිපති මොහොමඞ් අබ්බාස් මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූයේ පලස්තීනය, ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශ කරන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කිරීමටය. එහෙත් ජනාධිපති ඔබාමා සිය දේශනයේදී පලස්තීන ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ එම ඉල්ලීම ඉවත් කර ගන්නා ලෙසටය. ජනාධිපති ඔබාමා කළ ඉල්ලීමට පලස්තීන ජනාධිපති අබ්බාස්  පිළිතුරක් ලබා දී නැත. මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ජනපති ඔබාමා, ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් අවස්ථා දෙකකදී හමුවී සාකච්ඡා කළේය. කෙසේ නමුත් ඔබාමාගේ ‘මැද පෙරදිග සාම ප‍්‍රයත්නය’ මේවනවිට ඇමෙරිකා ජනතාවගේ මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේද අප‍්‍රසාදයට හේතු වී ඇත. එය දේශපාලන අර්බුදයක් තෙක් දුරදිග යෑමේ ඉඩක් ඇති බව ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පවසති. 66 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමඟාමීව ලිබියා අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡාකිහිපයක් පැවැත්විණි. එහිදී ජනපති ඔබාමා, ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් හමුවී ලිබියාවේ අනාගතය ගැන සාකච්ඡා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්/ඒ.එෆ්.පී.)



අදහස් (0)

මැදපෙරදිගට සාමය උදා කිරීමේ පහසු ක‍්‍රම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 873 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site