අරාබි රටවල බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සැලැසුම් කළ ත‍්‍රස්ත කල්ලියක සාමාජිකයන් 60 දෙනකු අත්අඩංගුවට ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ ඊයේ (27) සමත් විය.
එම ත‍්‍රස්ත කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියෙනි. එම කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ත‍්‍රස්ත මර්දන ඒකකය විසිනි.
වැටැළීමේ මෙහෙයුම් සඳහා ඔවුන්ට සෞදි අරාබි රජයෙත් එරට ආරක්ෂක අංශවලත් සහාය හිමිවී ඇති.
ආරක්ෂක අංශ වැඩි දුරටත් පවසා ඇත්තේ එම ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන්ට යේමන අල් කයිඩාවේ ද සහාය ලැබී ඇති බවය. අත්අඩංගුවේ පසුවන එම පිරිස යේමන ජාතිකයන් බව ද වාර්තා වේ.
2003 වසරේ සිට 2006 තෙක් කාලයේ සෞදි අරාබියේ ද මේ අයුරින් වැටැළීම් සිදුවූ අතර එම අවස්ථාවේදී ද අල් කයිඩාවට සම්බන්ධ ත‍්‍රස්ත සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැණින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, අරාබියේ විනාශය කියන්නේ ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල අතිවිනාශයයි. (නි)
රත්නායක සහ දම්මි වගේ අයට ඔහොම ගියොත් කවදාහරි කන්න වෙන්නේ තණකොළ තමයි. (නි)
රත්නායක, දෙවියන් මගේ පමණක් නොවේ. ලෝකයේ සිටින සියල්ලන්ටම අයිතියි. (නි)
ලෝකේ සාමය පැතිරේවා (දී)
රිස්වි ,අනේ ඔයාගෙ දෙයියන්ට ඔය අරාබියේ මිනිස්සු මරාගන්න එකවත් නවත්ත ගන්න පුලුවන්ද? එයා ආශිර්වාද කරන්නෙ ඇමවරිකාවට. (නි)
මොන රටකටත් වැඩිය වටින්නේ තමන්ගේ මවුරටයි. (නි)
දම්මි හිතන විදියේ ප්‍රශ්නයක් නැහැ. (නි)
දෙවියන් සිටී නම් මෙවන් දේ සිදුවේවිද? (නි)
සම්පත් ඔබ හරි (ස)
දම්මි වගේ ජාතිවාදී ඇසින් බලන්න එපා. අපි හුගක් දුක් වින්දේ එක නිසා තමයි. අරාබිය හොදම නැහැ. නරකමත් නැහැ. අරාබියේ ඉන්න ඔක්කෝම ලංකාවට එව්වොත් , අපේ අර්ථිකයට මොකෝ වෙන්නේ. (ස)
සදුන් ,සම්පත්, මධු වැනි පුද්ගලයන්ට ඇත්ත ඇතිසැටියෙන් පැහැදිලි කළත් ඔවුන් එය දකින්නේද විදේශීය බලපෑමක් ලෙසයි. මන්දයත් මෙවැනි රෝගකාරකයට හේතුකාරකය වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ වරද නොව මෙවැන්නන්ගේ සිතුම් පැතුම් බටහිරවාදී චින්තනයන්ට අසුවී සත්‍යය සත්‍යය ලෙසින් දැකීමට නොහැකි තරමට පටු වී ගෝලීයකරණයට අසුවී ඇති බැවිනි. (නි)
මුළු අරාබිකරයේම විනාසය අතලඟයි (ස)
ප්‍රසාද් අරාබිය නැත්නම් ගොඩාක් අයට යන එන මං නැතිවෙනවා (ස)
මුතුකුඩ යනු විජාතිකයෙක් බව හොදින්ම පෙනේ. සම්පත් නිවැරදියි. (නි)
සම්පත්, ඔබ කිවයුතු දේ හරියටම කෙටියෙන් කිවුවා. ඔබට ජය! (නි)
මුතුකුඩ නිවැරදියි. (නි)
මතුකුඩ ඔබ හරි..!(නු)
දම්මි, කට තිබෙන පළියට කතාකරන්න එපා. දෙවියන් ගැන කතාකරද්දී පරිස්සමින් කතා කරන්න. සමහරවිට හෙට අනිද්දට ඔයාටම තේරෙයි. (නි)
සම්පත්, මෙහේ නම් තවම කිසිම විනාශයක් නැහැ. විදේශිකයන් පවා හොදට කාලා බීලා පාඩුවේ තමතමන්ගේ රැකියාවල් කරගෙන නිරෝගී සම්පත්තියෙයන් ජීවත්වෙනවා. ඒ අතර විශාල විදේශ විනිමයකුත් ලංකාවට ගෙන එනවා. ඒ ගැන අපිට ආඩම්බරයි. හැබැයි ස්වභාවධර්මයෙන් පවා විනාශ ඇතිවෙලා තියෙන්නේ ලංකාවට තමයි. රතුවැහි, කහවැහි, නායයෑම්, ගිලාබැසීම්, ගංවතුර, දුෂණය, භිෂණය, දරිද්‍රතාවය. හැමදාම හර්ථාල්. ඒකයි අපට කණගාටුව. (නි)
මේවාත් අල්ලාගෙ වැඩද? (නි)
හොඳයි (ස)