අරාබි රටවල බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සැලැසුම් කළ ත‍්‍රස්ත කල්ලියක සාමාජිකයන් 60 දෙනකු අත්අඩංගුවට ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ ඊයේ (27) සමත් විය.
එම ත‍්‍රස්ත කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියෙනි. එම කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ත‍්‍රස්ත මර්දන ඒකකය විසිනි.
වැටැළීමේ මෙහෙයුම් සඳහා ඔවුන්ට සෞදි අරාබි රජයෙත් එරට ආරක්ෂක අංශවලත් සහාය හිමිවී ඇති.
ආරක්ෂක අංශ වැඩි දුරටත් පවසා ඇත්තේ එම ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන්ට යේමන අල් කයිඩාවේ ද සහාය ලැබී ඇති බවය. අත්අඩංගුවේ පසුවන එම පිරිස යේමන ජාතිකයන් බව ද වාර්තා වේ.
2003 වසරේ සිට 2006 තෙක් කාලයේ සෞදි අරාබියේ ද මේ අයුරින් වැටැළීම් සිදුවූ අතර එම අවස්ථාවේදී ද අල් කයිඩාවට සම්බන්ධ ත‍්‍රස්ත සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැණින.