ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයේදී වංචා රැසක් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා සහ තම පක්ෂය මැතිවරණ කොමිසමට ධවල පති‍්‍රකාවක් බාර දීමට කටයුතු කරන බවත් ඉම්රාන් ඛාන් පවසයි.
පාකිස්තාන දේශපාලනයට නවකයකු වන ඉම්රාන්, හිටපු ටෙස්ට් කි‍්‍රකට් තරුවක ද වෙයි. ඉකුත් 7 වැනිදා ලාහෝර් නුවර දේශපාලන රැුලියක් අමතමින් සිටිද්දී සිදුවුණු අනතුරක් හේතුවෙන් ඔහු තවමත් සිටින්නේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමිනි.
මැතිවරණය දුෂිත යැයි ඉම්රාන් පැවැසුවේ රෝහල් ඇඳේ සිට රූපවාහිනිය ඔස්සේ සිය ආධාරකරුවන් අමතමිනි. ඒ, නවාස් ෂරීෆ් ජයග‍්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේදීය.
මැතිවරණයෙ අවසන් ප‍්‍රතිඵල අනුව දෙවැනි ස්ථානය හිමුවූයේ ඉම්රාන්ගේ පක්ෂයටය. තෙවැනි ස්ථානය හිමිවූයේ ජනපති සර්දාරිගේ පාලක ජනතා පක්ෂයටය.
ඡුන්ද නිරීක්ෂණය සඳහා පැමිණ සිටි යුරෝපා සංගමයට අයත් ඡුන්ද නිරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත්තේ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් තමන්ට ලැබුණු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ මම මැතිවරණයට ඉල්ලුවේ නැත්තේ. ඒ විතරක් නෙමෙයි, වේදිකාවත් දුෂණයෙන් පිරිලා. (නි)
හා පෝ... එහෙත් එහෙමද මෙහෙත් එහෙමයි. (ස)
පාකිස්තානේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)
ඉම්රාන් අයියේ, බෝලය වේගයෙන් පිටිය දිගේ ලිස්සා ගීයා. සීමාවේදී රැක ගත්තා. ලකුණුත් නැහැ. කාලය අවසන්. ඊළඟ මැච් එකේදී පුරුදුවෙලා හොඳට සෙල්ලම් කරමු. පිට්ටනියට, තණ කොළ වලට බැනලා වැඩක් නෑ දැන් (නි)
කවුරුත් පැරදුනාම කියන්නේ ඔය කතාවනේ.පැරදුනු කවුද කියලා තියෙන්නේ, මෙච්චර ඡන්ද මට එන්න විදියක් නැහැ, මට වඩා ජනතාව කැමති එයාට, ඒක නිසා මගෙන් සුබ පැතුම් කියලා? (නි)
හික් හී.. ඉස්ලාම් බ්‍රදර් හුඩ් එකේ තරම පේනවා අපිට. (නි)
තුන් වතාවක්ම පිටපිටම අගමැතිකම එක් අයෙකුටම යාම ටිකක් හොඳ මදි වුණත්,ජනතා කැමැත්තනේ. අපි හිතුවේ ඉම්රාන් ඛාන්ට ජය ලැබෙයි කියලා. කමක් නැහැ. ඊළඟ වතාවේ හරි බලමු. (නි)