IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා

ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින මතභේද දුරලා දෙරට අතර මිත‍්‍ර සම්බන්ධකම් ගොඩනගා ගැනීමට තම ඉන්දීය සංචාරය අතිශයින් පලදායී වූ බව පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරී පවසයි. ජනපතිවරයා මෙසේ කියා සිටියේ ඉකුත් ඉරිදා (8) ඉන්දියාවේ එක් දින සංචාරයක යෙදීමෙන් පසුවය. වසර 2005 පසුව පාකිස්තාන ජනාධිපතිවරයකු ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි. පෞද්ගලික සංචාරයක් වුව ද එය රාජ්‍යතාන්ති‍්‍රක වශයෙන් ඉතා වැදගත් එකක් වූ බව පාකිස්තාන ජනපති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. ජනපති සර්දාරි ඉන්දියාවට ගියේ සූෆි මුස්ලිම් පල්ලියක් වන්දනාමාන කිරීමටය. ඔහු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවුණේ ඒ අතරතුරේදීය. පාකිස්තාන ජනපති වෙනුවෙන් අගමැති සිං දිවා භෝජන සංග‍්‍රහයක් ද පැවැත්වීය. එම අවස්ථාවේදී පාකිස්තානයට එන්නැයි ජනපති සර්දාරි ඉන්දීය අගමැතිවරයාට ඇරැයුම් කළේය. එම සංචාරය අසල්වැසි පසමිතුරු රටවල් දෙක අතර මිත‍්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට පිටුවහලක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්දියාවත් පාකිස්තානයත් අතර හොඳ හිත පළුදු වූයේ, 2008 වසරේ පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමීන් ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප‍්‍රහාරය සිදු කළේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා නමැති සටන්කාමී සංවිධානය යැයි චෝදනා එල්ල වී ඇති අතර එම සටන්කාමීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්නැයි ඉන්දීය රජය පාකිස්තානයෙන් ඉල්ලා සිටියි. මේ අතර ලෂ්කාර් ඊ තයිබා සංවිධානයේ නිර්මාතෘ හෆීස් මොහොමඞ් සයීඞ් මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකා රජය පවසා ඇත. අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමී නායකයන් මෙන් නොව, හෆීස් මොහොමඞ් සයීඞ් ප‍්‍රසිද්ධියේ පෙනී සිටිමින් දේශපාලන රැලි පවා පවත්වයි. පාකිස්තාන රජය පවසන්නේ සයීඞ්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඒවා ඔප්පු කිරීමට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවය. සයීඞ්, මරා හෝ පණ පිටින් අල්ලා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් ලියන 10 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකාව ප‍්‍රකාශ කිරීමත් සමඟ පාකිස්තාන වැසියෝ ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වූහ.



අදහස් (0)

මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site