මිනිස් මොළයේ මතක තබා ගැනීමේ කි‍්‍රයාවලිය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම සොයාගැනීමට ස්නායු පර්යේෂණ සදහා පිහිටුවා ඇති ආයතනයක් වන ඇමරිකාවේ බැරොව් පර්යේෂණායතන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ඔවුන් පවසන ආකාරයට මතක තබා ගැනීමේ රහස ඇත්තේ මොළයේ ඇති ස්නායු සෛල වලය.අපට කිසියම් දෙයක් මතක තබා ගැනීමට ඇවැසි වූ විට මොළය කි‍්‍රයාත්මක වී ස්නායු සෛලයන් ගොනු බැගින් ‘‘හිපොකැම්පසය‘‘ නමින් හඳුන්වන කොටසේ රදවන බවත් මතකය නැවත ආවර්ජනය කිරීමට අවැසි වූ විට මොළය එම ස්නායු සෛලයන්ගේ ගබඩා කළ තොරතුරු නැවත කියවීමේද සමත් බවත් ඔවුහු කියති.
මෙම කි‍්‍රයාවලිය සිදුවන්නේයැයි තහවුරු කිරීම සදහා පර්යේෂක පිරිස පර්යේෂණයක්ද සිදුකර ඇත.පරීක්ෂණය සදහා පුද්ගලයින් කණ්ඩායමක් තෝරාගෙන වචන ලැයිස්තුවක් සපයා එය මතකයේ තබා ගන්නැයිද පසුව පෙර ලබා දුන් ලැයිස්තුවේ තිබූ වචන මෙන්ම නව වචන රාශියක්ද ඇති වඩා දිගු ලැයිස්තුවක් සපයා එහි ඇති පළමු ලැයිස්තුවේ තිබුණු වචන හදුනාගන්නැයි ද කණ්ඩායමේ සිටියවුන්ට පර්යේෂකයෝ උපදෙස් දුන්හ.
කි‍්‍රයාවලිය අතරතුරදී මොළයේ කි‍්‍රයාකාරීත්වය නිරීක්ෂණය කර ඇති පර්යේෂකයින්ට හඳුනාගතහැකිව තිබෙන්නේ මතක තබා ගැනීමට යැයි පැවසූ අවස්ථාවේ මොළයේ හිපොකැම්පසය ප‍්‍රදේශයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ ගිය බවයි.
අනතුරුව මතක තබා ගැනීමට යැයි කියූ වචන දෙවැනි ලැයිස්තුවෙන් සොයාදීමට උපදෙස් දුන් විටදී එම මතක තබා ගත් වචනයක් ලැයිස්තුවෙන් හදුනාගන්නා සෑම අවස්ථාවකදීම මොළයේ කි‍්‍රයාකාරීවයේ ඉහළ යෑමක් හදුනාගත හැකිවූ බවත් නාදුනන වචනයක් හමුවූ සෑම අවස්ථාවකදීම මොළයේ කි‍්‍රයාකාරීත්වය පෙර අවස්ථාවට වඩා අඩු මට්ටමකින් කි‍්‍රයාත්මක වනු නිරීක්ෂණය කළ හැකිවූ බවත් පර්යේෂකයෝ කියති.
අවස්ථා දෙකේදී මොළයේ කි‍්‍රයාකාරීවයේ වෙනසෙන් පැහැදිලි වන්නේ මතක තබා ගැනීම කෙරෙහි ස්නායු සෛල වල බලපෑමක් ඇති වීම යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඉදිරියට වචන වලට පමණක් සීමා නොවී ශබ්ද,රූප,ගන්ධයන් ආදිය මොළය මතක තබා ගන්නේ කෙසේදැයි සොයා බැලීමටත් අදහස් කරගෙන සිටින බව ඔවුහු පවසති.
පර්යෙෂණයේ වැදගත් භාවය ගැනද අදහස් පළ කරන ඔවුහු වයස්ගතවීමේදී මතකය අඩු වීම වැනි තත්ත්වයන් මෙන්ම,මතකය හා සම්බන්ධ මොළයේ ව්‍යාධි තත්ත්වයන් ගැන වඩා හොද අවබෝධයක් ලබාගැනීමට මේ හෙළිවූ කරුණු වැදගත්වනු ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
විජේබා, හේතු පල ධර්මය ගැන ඔයාගෙ නොදැනුමයි මෙයින් හෙලිවෙන්නෙ. නවීන විද්‍යාව කියන අවිද්‍යාවට මේක අහුවෙන්නෙ නෑ (නදී)
හොඳ ලිපියක් (නි)
විද්‍යාව තුලින් නව නිපැයුම් සොයා ගනී. ඒවා තර්කාන්විතව සොයාගත් නව නිපැයුම් බව පැහැදිලිය. එසේම ඒවා ගොඩනැගීම් වේ. ඒවා ගොඩනැගුවේද ඊට කලින් තිබු දේ මත පිහිටා හෝ යොදා ගනිමිනි. ඊට කලින් ඒවා ද එසේමය. මෙවැනි සම්මුතීන් දිගින් දිගටම සිදුවෙනු ඇත. එනම් නව නිපැයුම් හෝ සොයා ගැනීම් යනු තිබෙන නමුත් තවම අල්ලා නොගත් දේ වේ. මෙය විද්‍යාවකි. ගඩොල් සොයා ගැනීම සහ ගඩොලින් කල නිර්මාණ බඳුය. මෙය විද්‍යාවක් නොවේ යි කෙනෙකු කියන්නේ එහෙයිනි.(නදී)
මාලි, ස්තුතියි ඔබගේ නිර්භීත අදහසට. ඔබයි මමයි දෙන්නම මේ අන්තර් ජාලය තුලින් අදහස් දක්වන්නේත් "නවීන විද්‍යාව කියන අවිද්‍යාවට" පින් සිද්ධ වෙන්න. මෙම අවිද්‍යාව මගින් ඉදිරියේදීත් මනුෂ වර්ගයාගේ ජීවිත පැවැත්මට තව ගොඩාක් උදව් කරාවි.(අ)
හේතු පල ධර්මය අනුව - විද්‍යානුකුලව සහ යථාර්තවාදීව හිතන මිනිසුන් විතරයි මේවා පිළිගන්නේ. අනික් අන්ධ භක්තිකයින් කරන්නේ මැවීම, කර්මය ආදී වශයෙන් කෙටි උත්තරවලට කොටු වෙලා පරික්ෂණය සහ විමර්ශණය සම්පුර්ණයෙන්ම බැහැර කරනවා. විද්‍යාත්මක දියුණුව නිසා අද මිනිසාගේ ජීවිතය මොනතරම් පහසු වෙලා තියනවාද? අද සමහරක් අය විද්‍යාව නිසා හිමිවුණු සියලු පහසුකම් විඳින ගමන් ඒකෙන් වැඩක් නෑ කියලා, ඉගෙන ගන්න ඉන්න ලාබාල පරම්පරාව අතරමං කරනවා. එසේ කරන්නේ "කුහක" කම නිසා කියලා තමයි කියන්න වෙන්නේ. (නදී)
හොඳ සොයා ගැනීමක්. (නදී)