IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද ලබන සතියේ

අභාවප‍්‍රාප්ත බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනී මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු ලබන සතියේ පූර්ණ රාජ්‍ය සහ හමුදා ගෞරව මැද පැවැත්වෙනු ඇතැයි බි‍්‍රතාන්‍ය රජය ඊයේ (9) නිවේදනය කළේය.
දේශපාලන වශයෙන් හා නායකත්වය අතින් ඇය තුළ පැවති තිරසාර ගුණාංග නිසා යකඩ ගැහැනියක බවට පත් වූ තැචර් ආදිපාදවරිය බි‍්‍රතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයට නායකත්වය දෙමින් කි‍්‍රයාත්මක කළ දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්ති බොහෝදෙනාගේ පැසසුමට ලක්විය. ඇගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය සහ ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවත් අවමංගල දේව මෙහෙය ශාන්ත පෝල් දෙව් මැඳුරේ පැවැත්වෙනු ඇති බවත් බි‍්‍රතාන්‍ය රජය වැඩිදුරටත් කියා සිටී.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම සහ එකම අගමැතිවරිය වන ඇය කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිට පිට තෙවරක් බි‍්‍රතාන්‍ය අගමැති ධුරය හෙබ වූවාය. දීර්ඝ කාලයක් පුරා උග‍්‍ර රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඇය, මොළයේ ලේ කැටියක් සිරවීමෙන් පෙරේදා (8) මෙලොවින් සමුගත්තාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.

 



අදහස් (0)

මාග‍්‍රට් තැචර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද ලබන සතියේ

ගාමිණී Wednesday, 10 April 2013 11:21 PM

ඔබ තුමිය සමාදානයේ සැතපේවා ! සදා අමරණීයයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site