IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මෙක්සිකෝවේ දුප්පත්කම හා ප‍්‍රචණ්ඩකි‍්‍රයා අවසන් කරනවා

මෙක්සිකෝව වෙළාගෙන ඇති දුප්පත්කම සහ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීමට වහාම කි‍්‍රයා කරන බව එරට නව ජනාධිපතිවරයා ලෙස ඊයේ(2) දිවුරුම් දුන් එන්රික් පෙනා නීටෝ අවධාරණය කර කියා සිටියේය. හැත්තෑඑක් වසරක් පුරාවට මෙක්සිකෝවේ පාලන බලය හෙබ වූ ජනපති නීටෝගේ පී.ආර්.අයි පක්ෂය වාමාංශික නායක ආන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් පරාජයට පත් කරමින් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකි විය. මෙක්සිකෝවේ නව නායකයා ලෙස නීටෝ බලයට පත් වූයේ හිටපු ජනපති පිලිප් කැල්දෙරන්ගෙන් පසුවය. මිලියන එකසියදහයකට ආසන්න ජනතාවක් වෙසෙන මෙක්සිකෝවේ ආර්ථික නංවාලීම සඳහා නව ජනපති නීටෝ කරුණු 13කින් යුත් ආර්ථික සැලසුමක් ඉදිරිපත් කර තිබේ. එමඟින් රටේ පවත්නා දිළිඳුකම, කුසගින්න සහ වර්ධනය වෙමින් පවතින අපරාධ රැුල්ල මැඬලීම අපේක්ෂා කෙරේ. ‘‘මගේ රජයේ පළමු කාර්යය රටට සාමය උදා කිරීමයි. රටේ ජනතාවට සිය ගම්බිම් සහ නගරවල සැකෙන් බියෙන් තොරව නිදහසේ සැරිසැරීමට අවශ්‍ය පසුබිම සලසනවා.’’ යැයි ජනපති නීටෝ සිය ධූරයේ දිවුරුම් දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය. දකුණු ඇමෙරිකාවේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ලෙස හැඳින්වෙන මෙක්සිකෝවේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කෙරේ. පසුගිය වසර හයක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වීදි ගැටුම් හේතුවෙන් මියගිය ගණන හැටදහස ඉක්මවයි.



අදහස් (0)

මෙක්සිකෝවේ දුප්පත්කම හා ප‍්‍රචණ්ඩකි‍්‍රයා අවසන් කරනවා

ලක්මාල් Monday, 03 December 2012 06:03 PM

නියමයි. සුබ පැතුම් .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17809 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site