මෙක්සිකෝවේ ඊයේ (8) උදෑසන ගෑස් බවුසරයක් හදිසියේ පුපුරා යෑමෙන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කි.
පිපිරීමෙන් ගොඩනැගිලි සහ නිවාස 27 කට හානි සිදුවිය. ගෑස් කාන්දු වීමක් නිසා පිපිරීම සිදුවූ බව ගිනි නිවන හමුදාව පවසයි. තුවාල ලැබූවන්ගෙන් 13 දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.