ලොව පතළ සිතාර් වාදක ශිල්පී රවි ශන්කර් මෙලොව හැර ගියේය.මිය යන විට හෙතෙම 92 වැනි වියේ පසුවිය.
පෙරදිග සංගීත සම්ප්‍රදායන් බටහිර කරා ගෙන යාමේ පුරෝගාමියෙකු වූ රවි ශන්කර්ගෙන් ප්‍රකට බ්‍රිතාන්‍යය සංගීත කණ්ඩායමක් වූ ‘බීට්ල්ස්‘ සංගීත කණ්ඩායම පවා ආභාෂය ලබා ගෙන ඇත. මීට අමතරව ඩේවිඩ් ක්‍රොස්බි, ජෝන් කොල්ට්‍රෝන් වැනි ප්‍රකට ජෑස් වාදක ශිල්පීන්ද රෝලින්ග් සිටෝන්ස් වැනි සංගීත කණ්ඩායම්ද ඔහු හදුන්වා දුන් පෙරදිග නාද රටාවන් සිය සංගීත ශෛලීන්ට එක් කරගෙන තිබේ. මේ නිසාම රවි ෂන්කර්ට ලැබී තිබූ අනවර්ථ නාමය වූයේ ‘ලෝක සංගීත ශෛලීන්ගේ පියා‘ යන්නයි.
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි තම නිවසේදී රවි ශන්කර් සිය දිවියේ අවසන් දින කිහිපය ගත කර ඇති අතර මෙයට සතියකට පමණ පෙර ඔහුගේ වෙබ් අඩවියේ දැක්වුණේ ස්වසන අපහසුතා හා හෘද දුර්වලතා වලින් ඔහු පෙළෙමින් සිටින බවයි.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං රවි ෂන්කර් මරණයට පත්ව ඇති බව තහවුරු කර තිබේ.අගමැතිවරයා මේ සුපිරි ගාන්ධර්වයා හදුන්වාදී ඇත්තේ ඉන්දියාවේ මහගු සම්පතක් ලෙසය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකප්‍රසිද්ධ ගුරු දේවයාණන්ට අපගේ සාතිශය සංවේගය පුදමු. (නි)
ඉන්දියාවේ අමරදේව (අ)
ඔබට නිවන් සුව පතමි (ස)
රවිශංකර්තුමනි, ඔබ සිතාරයේ තත් වලට සමු දුන්නාට අපේ හදවත් වලට සමු දී නැත. (නි)