ටොංගා දූපතට ඔබ්බෙන් මූදු පතුළේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙසය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් ටොංගා සහ ඒ අවට පැසිෆික් සාගර කලාපයේ ඇති දූපත්වලට සුනාමි අනතුරු නිකුත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)