විදේශික යුවළකට බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර දී බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑමට සිදු විය.

එම යුවළ බසයක ගමන් කරමින් සිටියදී බසයට කඩා වැදුන දෙදෙනෙක් එහි සිටි විදේශික කාන්තාව කෙළෙසූහ. ඇගේ සැමියාට ද දරුණු ලෙස පහර දුන්නේය.

ඔවුන් රෝහල් ගත කළ අතර සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

තුන්වැනි  පාර්ශවයක් මීට හවුල්දැයි රියෝ ද ජනෙයිරෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ලබන වසරේ පාපන්දු ලෝක කුසලානයත් , 2016 ඔලිම්පික් තරගාවලියත් පැවැත්වීමට සියලු කටයුතු සැකසෙමින් තිබෙන සමයක මෙවැනි සිදුවීම් සංචාරක කර්මාන්තයට රතු ඉරක් බව විද්වත්හූ කියති.