මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවලට ලක්ව සිටින බොස්නියා/සර්බි හිටපු හමුදාපති රැට්කෝ ම්ලැඩික්ට එරෙහි නඩු විභාගය ඊයේ (17) හේග් නුවරදී ආරම්භ විය.
නීතිය හමුවට පැමිණ විය යුතු අංක එකේ අපරාධකරුවකු ලෙස සැලකුණු ම්ලැඩික් (70) ඉකුත් වසරේ මැයි 26 වැනිදා අත්අඩංගුවට ගැණුනේ උතුරු සර්බියාවේ ගම්මානයක සැඟවී සිටිද්දීය. ඒ, වසර 16 ක සෙවිල්ලකින් පසුය.
ඉන්පසු ඔහු සර්බියා අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි. ඊයේ නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවුවට ඔහු යොමු කෙරුණේ සර්බියාවේ අධිකරණය හමුවේ වරදකරුවීමෙන් පසුවය.
සර්බියා නමින් රාජ්‍යයක් බිහිවූයේ යුගොස්ලොවේකියාව බෙදී වෙන්ව යද්දීය. එහිදී බොස්නියා මුස්ලිම්වරුන්ට සහ කොරේෂියාවට එරෙහිව හටගත් යුද්ධය 1995 වසර තෙක් පැවැතුණි.
1995 වසරේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව යටතේ බොස්නියාවේ පැවැති ස්‍රෙබ්රෙනිකා පළාතට ම්ලැඩික් සිය හමුදා මෙහෙයවා එම පළාතේ සිටි බොන්සියානු මුස්ලිම් පිරිමින් සහ ළමයින් අට දහස් ගණනක් අමුඅමුවේ මරා දැමීමට අණ කරඇත. ම්ලැඩික්ගේ හමුදා මාස 44 ක් පුරා බොස්නියාවේ සරයේවෝ නගරය අල්ලා ගෙන සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොස්නියා-සර්බි හිටපු හමුදාපතිට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි