සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සුවදුක් බැලීමට එරටට ගිය අසල්වැසි බොලීවියා ජනාධිපති ඊවෝ මොරාලේස්ට චාවේස් හමුවීමට අවස්ථාවක් නොලැබිණි.
”මට ඔහු හමුවන්න බැරිවුණා. ඔහු ප‍්‍රතිකාර ගන්නා හමුදා රෝහලට මා ගියා. ඒත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මට ඔහු හමුවන්න වෛද්‍යවරුන් ඉඩ දුන්නේ නැහැ” යැයි ජනාධිපති ඊවෝ මොරාලේස් පවසයි.